මුල් පිටුව උණුසුම් පුවත් බොරුපන නිවසක යතුරුපැදි ගොඩක් – අපරාධවලට ගත් ඒවාදැයි විමර්ශන

බොරුපන නිවසක යතුරුපැදි ගොඩක් – අපරාධවලට ගත් ඒවාදැයි විමර්ශන

0

රත්මලාන බොරුපන නිවසක සඟවා තිබුණු අපරාධ සඳහා යොදාගත් බවට සැකකරන යතුරු පැදි 06 ක් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ සොයාගෙන තිබේ.

හිමිකරුවන් නොමැති එම යතුරු පැදිවල ලියාපදිංචි අයිතිකරුවන්ගේ තොරතුරු පවා වෙනස් කර ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මෙම යතුරුපැදි මෙසේ මෙම නිවසේ සඟවාගෙන සිට ඇත්තේ ගම්පොල පදිංචිකරුවෙක් වන මොහොමදු ආරිස් (54) නැමැති පුද්ගලයෙක් විසිනි.

මෙම යතුරු පැදි සමඟ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version