මුල් පිටුව උණුසුම් පුවත් සංචාරක ක්ෂේත්‍රයේ අයට මේ වසරෙත් ගාස්තු සහනයක්

සංචාරක ක්ෂේත්‍රයේ අයට මේ වසරෙත් ගාස්තු සහනයක්

0

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කරන බව සංචාරක අමාත්‍යංශය පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවනට සහන සැලසීමේ වැඩ පිළිවෙල යටතේ 2020 වසරේදී මෙම සහනය ප්‍රකාශයට පත් කළ අතර මේ වසර තුලද එම සහනය තවදුරටත් ලබාදීමට තීරණය කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් සපයන්නන්ගේ ලියාපදිංචිය 39% කින් ඉහළ ගොස් ඇති අතර සේවා අංශයේ ලියාපදිංචිය 26% කින් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version