මුල් පිටුව දේශීය පුවත් GOSSIP මේ ඔවුන්ගේ් කතාවයි..(🎼)

මේ ඔවුන්ගේ් කතාවයි..(🎼)

0

රට වෙනුවෙන් සටන් බිමේ සිටින රණවිරු පියකුගේත් දියණියකගේත් ජීවිතය සහ ආදරය ගැන කියැවෙන ‘ඉටු නොවූ පූජනීය ආදර කතාව’ (unfulfilled sacred love story) ගීතය අද එළිදක්වා තිබේ.

මෙම ගීතය රචනා කරන ලද්දේ ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසිනි.

‍එය සංගීතවත් කරන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්ද විසිනි. ගායනය කරන්නේ කාංචනා අනුරාධි විසිනි.

රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඇතුළු රණබිමේ අත්දැකීම් අළලා ග්‍රන්ථ කිහිපයක් රචනා කළ ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නවතම නිර්මාණය මෙලෙස සංගීතයෙන් හැඩගැන්වී ඇත.

74 වැනි නිදහස් දින යෙදුණු අද දිනයේ සිහිකළ අතීතයේ ජාතික විරුවන් මෙන්ම තිස් වසරක ත්‍රස්තවාදයෙන් බැට කෑ සුවහසක් ලාංකික ජනතාව අතර මෙවන් පියවරු දියණිවරු ලක්ෂ ගණනින් ජීවත් වූහ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද ඔහුගේ දියණියද එවන් වූ පියවරු සහ දියණිවරු අතර සිටි අයයි.

මේ ඔවුන්ගේ කතාවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version