පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි කුඩු සළිඳුගේ කල්ලියේ සිව්දෙනා යතුරු පැදි දෙකකින් ගිලන් රථය පසුපස බොහෝ වේලාවක් තිස්සේ හඹාගෙනවිත් ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
ගිලන් රථය රෝහල් ගේට්ටුවෙන් ඇතුළු කරනවාත් සමඟ එක් යතුරු පැදියක සිටි පසුපැදිකරු ගිලන් රථ රියදුරු අසලට පැමිණ වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. වෙඩි දෙකක් තබා ඇතත් ගිනි අවියේ ඇති වූ දෝෂයක් නිසා වෙඩිල්ල පත්තු නැති බවත් ඒ අවස්ථාවෙන් ප්රයොජනය ගනිමින් ගිලන් රථ රියදුරා පළාගොස් දිවි රැකගෙන තිබෙන බවත් පොලීසිය කියයි.
මෙම ඝාතන තැත සහ පොලීසිය විසින් කුඩු සළිඳුගේ මත්කුඩු අත්අඩංගුවට ගැනීම අතර යම් සම්බන්ධයක් ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් ඇත. කුඩු සළිඳු මේ වන විට විදේශයකට පළාගොස් සැඟව සිටිමින් ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින බව පොලීසිය සැකකරයි. මෙම ඝාතන තැතද කුඩු සළිඳු දුරකතනයෙන් මෙහෙයවා ඇති බව පොලීසිය සැකකරයි.