මුල් පිටුව උණුසුම් පුවත් චමරි අතපත්තු හොඳම 10 අතරට

චමරි අතපත්තු හොඳම 10 අතරට

0

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් යාවත්කාලීන කරන ලද කාන්තා විස්සයි-20 පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ පළමු පිතිකාරිනියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ.

ඒ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා මැලේසියාවේදී නිමාවට පත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිතිකරණයෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙනි.

එම තරගාවලියේ සහභාගිවූ තරග 4 දී ලකුණු 221 ක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ කාන්තා විස්සයි-20 පිතිකාරිණියන් වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අතපත්තු සමත්වූවාය. එය ඇය රැඳී සිටි ස්ථානයේ සිට ස්ථාන 6 ක් ඉදිරියට පැමිණීමක් ලෙසින් සටහන් විය.

එම දක්ෂතා ප්‍රධාන කොට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද අතපත්තු සම්මාන ලැබුවාය. පිතිකාරිණියන්ගේ ලැයිස්තුවට අමතරව ඇය විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ස්ථානයක් හෙවත් 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද සමත්වූවාය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version