මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රියන්තගේ ඝාතනය සමාජ මාධ්‍යවල සාධාරණීකරණය කළ අයෙක් හිරගෙට

ප්‍රියන්තගේ ඝාතනය සමාජ මාධ්‍යවල සාධාරණීකරණය කළ අයෙක් හිරගෙට

0

පාකිස්ථානයේදී අමානුෂික ලෙස ආගමික අන්තවාදීන්ගේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික්‍යාගේ ඝාතනය සමාජ ජාල ඔස්සේ සාධාරණීකරණය කිරීම සහ අන්තවාදී හැඟීම් ඇවිස්සීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට එරට ගුජ්රාන්වාලා හි අධිකරණයක් විසින් ඊයේ වසරක සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් නියම කරන ලදී.

2021 දෙසැම්බර් 3 වන දින සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි කර්මාන්ත ශාලාවේදී රාජ්කෝ කර්මාන්ත හා ඇඟලුම් කම්හලේ සාමාන්‍යාධිකාරී ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ප්‍රියන්ත කුමාර මැර පිරිසක් විසින් ඝාතනය කරන ලදී.

සියල්කොට් හි නිසාම්පූර් හි 27 හැවිරිදි මුහම්මද් අද්නාන් නමැති වරදකරු ප්‍රියන්ත ඝාතනය පිළිබඳ වීඩියෝවක් ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ මුදාහැර, එම ඝාතනය හා සිරුර පුළුස්සා දැමීම සාධාරණීකරණය කර ඇත.

දෙසැම්බර් 5 වැනිදා, සහකාර උප පොලිස් පරීක්ෂක මුබාරක් අලිගේ ඉල්ලීම මත, ආගමික වෛරය පතුරුවා හැරීම සහ මහජන හැඟීම් ඇවිස්සීම සම්බන්ධයෙන් අද්නාන්ට එරෙහිව රිංපුර පොලිස් ස්ථානය ගොනු කළ පෙත්සමකින් අනතුරුව නීතිමය ක්‍රියාවලිය ආරම්භ විය.

පසුව ඔහු ගුජ්රන්වාලා හි ත්‍රස්ත විරෝධී අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටියේය. විනිසුරු නතාෂා නසීම් ඊයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඝාතනය කිරීමේ නඩුවේ අනෙකුත් විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුවන් ජනවාරි 31 වැනිදා ගුජ්රාන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version