මුල් පිටුව උණුසුම් පුවත් ජල විදුලි උත්පාදනයට ඇති ජලාශ තවත් සිඳෙයි

ජල විදුලි උත්පාදනයට ඇති ජලාශ තවත් සිඳෙයි

0

මේ දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 155 වන අතර අද අලුයම 6 වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 18 කින් පහල බැස ඇති බවත් මවුස්සාකැලේ
ජලාශයේ ජල ධාරිතාව අඩි 157 වන අතර අද අලුයම වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 34 කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කරන්නේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩු විමත් සමග එම ජලාශය ඉදිකිරිමේදි යට වු නටබුන් රැසක් මේ දිනවල යලි මතු වෙමින් පවතින බව ද වාර්තාවේ.

මවුස්සාකැලේ ජලාශයෙන් ජලය ලබාගෙන මෙගාවොට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව දැනට මාසයක පමණ කාලයක් නතර කර ඇත.

එමෙන්ම බලාගාරය හැර ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජලය ලබා ගැනිමට කැනියොන් ජලාශයේ සොරොව්ව මාසයක පමණ කාලයක් දිවා රාත්‍රි දෙකේම විවෘත කර ඇති අතර එම නඩත්තු කටයුත්ත අවසන් කිරීමට තවත් මාස කිහිපයක් ගත වන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version