මුල් පිටුව උණුසුම් පුවත් ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන් උදව් – ඩොලර් මිලියන 500 ක් දෙයි

ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන් උදව් – ඩොලර් මිලියන 500 ක් දෙයි

0

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක නව ණය පහසුකමක් (LOC) පිරිනමයි.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත යවන ලද ලිපියක් මගින් මෙම සහයෝගය ලබා දී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 ජනවාරි 15 ​​වැනි දින ඔන්ලයින් හමුවක් පැවැත්වීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය දෙසැම්බර් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේදී හඳුනාගත් ආර්ථික සහයෝගීතාවයේ කුළුණු හතරෙන් එකක් සාක්ෂාත් කර ගැනීමටමෙම ණය පහසුකම කාලීනව උපකාරී වනු ඇති බව ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෑත දී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාර ලබා දී ඇත.

මෙම පියවර ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීමටත්, ද්විපාර්ශ්වික ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වයට වැඩි ශක්තියක් ලබා දීමටත් ඉන්දියාව දක්වන කැපවීමට අනුකූල බව ඉන්දීය මහ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version