මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන්ට – විශ්‍රාමිකයන්ට 5000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයන්ට – විශ්‍රාමිකයන්ට 5000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් වෙයි

0

රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයින්ට රු.5000/-ක මාසික දීමනාවක් ලබා දීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කර තිබේ.

ඒ අනුව 03/2022 අංක දරන චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ජනවාරියේ සිට මෙම දීමනාව ලබාදෙන බව මුදල් ඇමති බැසිල් රාජපපක්ෂ මහතා පසුගියදා කීවද පසුගිය 7 වැනිදා විශ්‍රාමිකයන්ට ලද ජනවාරි වැටුපට මෙම දීමනාව ඇතුළත් වී තිබුණේ නැත.

මෙම චක්‍රලේඛය නිකුත් නොකිරීම ඊට හේතුවී තිබුණි.

අදාළ චක්‍රලේඛය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version