මුල් පිටුව උණුසුම් පුවත් පාඨලී රෝහලේ: උසාවිය වාර්තාවක් ඉල්ලයි

පාඨලී රෝහලේ: උසාවිය වාර්තාවක් ඉල්ලයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට (JMO) කොළඹ මහාධිකරණය අද නියෝග කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ වනවිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇති බව සදහන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version