මුල් පිටුව උණුසුම් පුවත් ජනවාරියේ සිට දෙනවා කී 5000 විශ්‍රාමිකයන්ට දී නෑ

ජනවාරියේ සිට දෙනවා කී 5000 විශ්‍රාමිකයන්ට දී නෑ

0
5000 rupee

රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට මේ මාසයේ සිට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද විශ්‍රාමිකයින්ට ජනවාරි මාසයේදී එම අමතර දීමනාව ගෙවා නැත.

විශ්‍රාමිකයින්ගේ ජනවාරි වැටුප ඉකුත් 07 වන දා ගෙවූ නමුත් ඔවුන්ට රුපියල් පන්දහසේ වැඩිවීම් ලැබී නොතිබිණි.

මේ පිළිබඳව කළ විමසුමකදී විශ්‍රාම වැටුප් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් 5000 පන්දහසේ දීමනාව වෙන් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය තවමත් චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවයි.

චක්‍රලේඛයක් නිකුත් කරන තුරු රුපියල් පන්දහසේ දීමනාව ගෙවිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version