මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

දුම්රිය ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

0

බස් ගාස්තු මෙන් දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අඛණ්ඩව පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට ගාස්තු ඉහළ නොදැමීම ද හේතුවක් බවද ඔහු පැවසීය.

මේ බව ප්‍රවාහන අමාත්‍යංශට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

බස් ගාස්තු ඉහළ යෑම නිසා ජනතාව දුම්රියට යොමුවීම ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ද බස් ගාස්තුවට සමාන කරන ලෙස ඉල්ලා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සදහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version