මුල් පිටුව උණුසුම් පුවත් අසිරිමත් නත්තල අදයි (📸)

අසිරිමත් නත්තල අදයි (📸)

0

ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහි කරන අසිරිමත් නත්තල අදයි.

අද වැනි දිනෙක ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙයි.

දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් ලෙස මෙලොවට ජනිත වූ උන්වහන්සේගේ උපත ලෝකයට නව බලාපොරොත්තුවක් හා ආශිර්වාදයක් දුන් බවත් ලෝකයට දුන් විශ්වීය දයාවේ, ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මඟ පෑදු බවත් කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.

අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පවත්වන ලද ඡායාරූපවල දැක්වේ.

නත්තලට සමගාමීව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද (25) දින දිවයින පුරා කතෝලික දේවස්ථානවල දේවමෙහෙය රැසක් පැවැත්වේ.

ලොව පුරා පැතිරෙන කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් නත්තල් උත්සව පැවැත්වීම පෙර වසරවලට සාපේක්ෂව සීමා කර ඇතත්, නත්තල් සැරසිලි සෑම ප්‍රදේශයකම දැක ගත හැකි වේ.

එමෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන දේව මෙහෙය ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

ලංකාවාසී ලෝකවාසී කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා!!!

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version