මුල් පිටුව උණුසුම් පුවත් ජපානය තිදෙනකු එල්ලා මරයි

ජපානය තිදෙනකු එල්ලා මරයි

0

ජපානය විසින් 2019 පසු පළමු වරට අද දිනයේද පුද්ගලයින් තිදෙනෙකු එල්ලා මරාදමා තිබේ.

එරට නව අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ එම ධුරයට පත්වීමෙන් පසු ලබාදුන් පළමු මරණ දණ්ඩයද මෙයවේ.

මෙලෙස මරණ දණ්ඩනයට ලක්කර ඇත්තේ 65 හැවරිදි යෂුටාකා ෆුජිශිරො, 54 හැවරිදි ටොමෝකි ටකනෙසාවා සහ 44 හැවරිදි මිට්සුනෝරි ඔනොගාවා යන තිදෙනායි.

එහිදී මරණ දණ්ඩනය හිමිවූ 65 හැවරිදි පුද්ගලයා විසින් 204 වර්ෂයේදී සිය නැන්දනිය සහ අසල් වැසියන් ඇතුලු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතණය කළ බවට ඔප්පුවී ඇති අතර අනෙක් දෙදෙනා විනෝද ක්‍රිඩා පවත්වන ආයතනයක සේවකයින් දෙදෙනෙකු  2003 වර්ෂයේදී ඝාතනය කළ වට ඔප්පුවි තිබේ.

මරණ දණ්ඩය හිමිවූ පුද්ගලයින් අතිශය අමානුෂික කටයුතු වලට සම්බන්ධ වූවන් බවත් එමගින් ජීවිත අහිමි වූවන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් ජපාන අධිකරණ අමාත්‍ය යොෂිශා ෆුරුකාවා ප්‍රකාශ කර ඇත.
ජපාන ඉතිහාසය පුරාම මරණ දඩුවම ක්‍රියාත්මක වූ අතර එරට සියලුම මරණ දණ්ඩය හිමවූවන්ට එල්ලා දෑමීමෙන් මරණ දණ්ඩනය ලබා දීම සිදුකරයි.
මෙලෙස මරණ දණ්ඩනය හිමිවන්නට හට ඒ පිළිබඳ පැය කිහිපයකට පෙර දැණුම්දෙන අතර බෙහෝවිට මරණ දණ්ඩනය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් හට දැණුම් දීම සිදුකරයි.

ලොව සංවර්ධිත රටවලින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන රටවල් කිහිපය අතරට ජපානය ඇතුලත් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේදී ඇතැම් ප්‍රන්තවල මරණ දණ්ඩනය තවමත් ක්‍රියාත්මක වේ.

ජපානය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයද සිය දැඩි විරෝධය වසර ගණනාවක සිට පළකළද ජපාන ජනයා තුල ඊට විශාල විරෝධයක් දක්නට නොලැබෙන බවද වාර්තාවේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version