මුල් පිටුව COVID තවත් ෆයිසර් පරිත්‍යාගයක්- අමෙරිකාවෙන් ලැබුණු එන්නත් මාත්‍රා මිලියන 3 ඉක්මවයි

තවත් ෆයිසර් පරිත්‍යාගයක්- අමෙරිකාවෙන් ලැබුණු එන්නත් මාත්‍රා මිලියන 3 ඉක්මවයි

0

තවත්‌ ෆයිසර්‌-බයොඑන්ටෙක්‌ එන්නත්‌ මාත්‍රා 820,000ක්‌ අමෙරිකාවෙන් මෙරටට පරිත්‍යාග කර තිබේ. එම එන්නත් තොගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

මේ අනුව ඇමරිකානු ජනතාවගෙන්‌ පරිත්‍යාග ලෙස ලැබුණු එන්නත්‌ ප්‍රමාණය මිලියන 3.4 දක්වා ඉහළ නැංවෙයි.

“හැකිතාක්‌ පුද්ගලයින්‌ සංඛ්‍යාවක්‌ එන්නත්‌ කිරීමට ශ්‍රී ලංකාව දරමින්‌ සිටින වෑයමට එක්සත්‌ ජනපදය සහය දෙනවා” එ.ජ. තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති මාර්ටින්‌ කෙලී මහතා පැවසී ය. “වසංගතය අවසන්‌ කිරීමටත්‌, නව ප්‍රභේද මතුවීම වැලැක්වීමටත්‌ ජීවනෝපාය නැවත ගොඩනැංවීමටන්‌ පුළුල්‌ ලෙස එන්නත්කරණය අත්‍යාවශ්‍යවනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්‌, UNICEF සංවිධානයන්‌, ලෝක සෞඛ්‍ය සංවිධානයත්‌ සමගින්‌ එක්ව අපි වඩාත්‌ සුරක්ෂිත සහ බෝවන රෝගවල තර්ජනයෙන්‌ මිදුනු ලෝකයක්‌ ගොඩනැගීමට අපට කළ හැකි සියල්ල කරනවා. ”

මේ වනවිට එක්සත්‌ ජනපදයෙන්‌ ශ්‍රී ලංකාව ඇතුළු 100කට අධික රටවල්‌ ගණනකට කෝචිඩ්‌-19 එන්නන්‌ මිලියන 300කට වැඩි ප්‍රමාණයක්‌ සාර්ථකව පරිත්‍යාග කර සහ ගෙනගොස්‌ භාර දී තිබෙන බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මින්‌ පෙර කවරදාකවත්‌ නොවු පරිමාණයකින්‌, වේගයකින්‌ සහ සංකීර්ණත්වයකින්‌ සිදුකෙරෙන මෙම ගෝලීය එන්නන්කරණ වෑයම හරහා ලොව වටා සුරක්ෂිත භා ඵලදායී එන්නත්‌ ලබාදීමෙන්‌ ජීවිත බේරාගැනීමටන්‌ ප්‍රජාවන්‌ ආරක්ෂා කරගැනීමටත්‌ මගපෑදී ඇත.

මෙම පරිත්‍යාග කෝවිඩ්‌-19 වසංගතය අවසන්‌ කිරීමට, එහි විනාශකාරී සමාජ හා ආර්ථික බලපෑම්‌ අවම කිරීමට සහ අනාගත ඇතිවන රෝග පැතිරීම්‌ සඳහා වඩා හොඳින්‌ සූදානම්‌ වූ ලෝකයක්‌ නැවත ගොඩනැගීමට බයිඩන්‌ පරිපාලනයෙන්‌ ගන්නා ගෝලීය උත්සාහයේ කොටසකි.

ශ්‍රී ලංකාවේ, වසංගතය සඳහා ප්‍රතිචාර දැක්වීමට එක්සත්‌ ජනපදය ශ්‍රී ලංකා රජය සමග සමීපයෙන්‌ කටයුතු කර තිබේ.

එක්සත්‌ ජනපදය මේ වනවිට ශ්‍රී ලංකාවට හදිසි අවස්ථා සැපයුම්‌ සහ අත්‍යාවශ්‍ය සේවා වශයෙන්‌ ඇ. ඩොලර්‌ මිලියන 17.9 ඉක්මවන ප්‍රමාණයක්‌ පරිත්‍යාග කර තිබේ.

කෝචිඩ්‌-19 ව්‍යාප්තිය පාලනය කිරීමටත්‌, හදිසි සෞඛ්‍ය අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමටත්‌, වසංගතයේ අභිතකර ආර්ථික බලපෑම්වල හානිය අඩුකරගැනීමටන්‌ එක්සත්‌ ජනපදයෙන්‌ ලබාදුන්‌ එම සහය, ශ්‍රී ලංකාවේ මිලියන ගණනක්‌ ජනතාව කරා ළඟා වී තිබේ.

වසංගතය පාලනය කිරීමටත්‌, නව ප්‍රභේද මතුවීම මන්දගාමී කිරීමටත්‌, ජනතාව ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්‌ ලොව පුරා කොවිඩ්-19 ට එරෙහි ප්‍රතිශක්තිකරණය සඳහා දරනු ලබන ගෝලීය ප්‍රයත්නයන්ට සහාය වීමට එක්සත්‌ ජනපදය කැපවී සිටීන බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

වඩාත්‌ යහපත්‌ ලෝකයක්‌ නැවත ගොඩ නැගීම සඳහා, ශ්‍රී ලංකා රජය සමහ සහයෝගීතාවයෙන්‌ සහ කෝවැක්ස්‌ යන්ත්‍රණය සමඟ සම්බන්ධීකරණයෙන්‌ මෙම එන්නත්‌ මාත්‍රා ගෙනැවිත්‌ භාරදෙන බව ද එම කාර්යාගය කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version