මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ලබන මාසේ සිට ස්ථිර කරයි

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ලබන මාසේ සිට ස්ථිර කරයි

0

රාජ්‍ය සේවයට බඳවාගෙන පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 51000ම ලබන ජනවාරි මස 3 වැනි දින සිට ස්ථිර සේවයට එක් කරන බව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සභාපති ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය .

එම උපාධිධාරීන් රට පුරා විවිධ රාජ්‍ය ආයතනවල වසරකට පමණ කාලයක් තිස්සේ පුහුණුව ලබමින් සිටින බව ද ද ඔවුන් ජනවාරි මස 3 වැනිදා සිට ස්ථිර සේවයට එක් කිරීමට කැබිනට් මණ්ඩලය මණ්ඩලය අනුමැතිය හිමිවූ බවද ඇමැති මණ්ඩලය අනුමැතිය හිමිවූ බවද ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

ඒ අනුව එම උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස පුහුණුව ලබමින් සිටි ස්ථානයේම රාජ්‍ය සේවයට එක් යන බවද ඔහු සඳහන් කළේය .

මෙම උපාධිධාරීන් 51000 කින් කැමති පිරිසකට ගුරු පත්වීම් සදහා ඉල්ලුම් කිරිමේ අවස්ථාව හිමිවන බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

ගුරු පත්වීම් 22000ක් ලබාදීමට නියමිත අතර එම උපාධිධාරීන්ට ඒ සඳහා ඉල්ලුම් කළ පසුව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ඔවුන් තෝරා ගන්නා බවට දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version