මුල් පිටුව උණුසුම් පුවත් ඉන්දියාවේ ගැහැණු ළමුන්ට විවාහ වීමේ අවම වයස ඉහළ යයි

ඉන්දියාවේ ගැහැණු ළමුන්ට විවාහ වීමේ අවම වයස ඉහළ යයි

0

ඉන්දියාවේ මෙතක් කාන්තාවකට විවාහ වීමට අවසර හිමිවූ අවම වයස වූ අවුරුදු 18 සීමාව අවුරුදු 21 දක්වා දක්වා ඉහළ දැමීමට ඉන්දීය රජය තීරණයක කර ඇත.

ඉන්දියාවේ ළමා විවාහ සහ කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ඊයේ රැස්වූ ඉන්දීය කැබිනට් හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙතක් ඉන්දියාවේ කාන්තාවකට විවාහ වීමේ අවම වයස වූ අවුරදු 18 නුදුරේදීම සංශෝදනය වීමට නියමත බවද එරට මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දීය රජයේ නව තීරණය අනුව මෙතෙක් එරට ක්‍රියාත්මක වූ ළමා විවාහ වැලැක්වීමේ පනත හින්දු විවාහ පනත සහ තවත් පනත් සංශෝධනය වීමටද නියමිතය.

දැනට ක්‍රියාත්මක ඉන්දීය නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේ අවම වයස 18 වුවද පිරිමයෙකුට විවාහ වීම සඳහා වයස අවුරුදු 21 සම්පූර්ණ වියයුතුය.

කාන්තාවන්ට විවාහ වීමට යෝග්‍ය වයස පිළිබඳ යලි සලකා බලන බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉකුත් වසරේ සිය නිදහස් දින කතාවේදී සඳහන් කරණු ලැබීය.
එහිදී ඔහු සඳහන් කර සිටියේ ඉන්දියාවේ දියණියන් මන්ද පෝෂණයෙන් මුදා ගැනීමට සහ ඔවුන්ගේ සෞඛ තත්ත්වය ආරක්ෂා කිරීමටත් ඔවුන් නිසි වයසේදී විවාහ වීම ඉතාම වැදගත් බවයි.

දැනට ඉන්දියාවේ ක්‍රියාත්මක විවාහ නීතිය සංශෝධනය කරමින් කාන්තාවන්ගේ විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 21 දක්වා ඉහළ දමන ලෙස මෙම වසර ආරම්භයේදී හරියානා ප්‍රන්තයේ දරුවියන් පිරිසක් විසින් අග්‍රමාත්‍යවරාගෙන් විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉන්දීය රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් එරට ඇතැම් කාන්තා ක්‍රියාකාරිණියන් සිය අප්‍රසාදය පළකර ඇති බවද වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2017 වර්ෂයේදී නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියාවේ ළමා විවාහ වැලැක්වීට එරට රජය අසමත්වී තිබේ. එම වාර්තාවට අනුව ඉන්දියාවේ ගැහැණු ළමුන්ගෙන් සියයට 27ක් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වන බවට අනාවරණය වේ.

ඉන් බහුතරයක් අඩු වයසින් විවාහ වීමත් ගැබ් ගැනීමත් හේතුවෙන් විශාල සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version