මුල් පිටුව උණුසුම් පුවත් එනසාල් කඩන්න ගිය කාන්තාවන් දෙදෙනෙක් සිංහරාජයේදී අතුරුදන්

එනසාල් කඩන්න ගිය කාන්තාවන් දෙදෙනෙක් සිංහරාජයේදී අතුරුදන්

0

සිංහරාජයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙක් 12 වෙනිදා සිට අතුරුදන්ව ඇතැයි සූරියකන්ද පොලීසිය සඳහන් කරයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ඉත්තකන්දෙස් දෙබරන් සයිඩ් හී පදිංචිව සිටින 39 හා 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

සූරියකන්ද පොලීසියේ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ අද උදෑසන වන විටත් එම කාන්තාවන් දෙදෙනා සොයා පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ගම්වාසීන්ද මෙහෙයුම්වල නිරතව සිටින බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version