මුල් පිටුව උණුසුම් පුවත් කාර් එකක් ප්‍රපාතයකට පෙරළෙයි

කාර් එකක් ප්‍රපාතයකට පෙරළෙයි

0

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේ දී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇතැයි වාර්තා වේ.

නුවරඑළිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් ය.

අනතුරින් මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අද (09) අලුයම 1.30ට පමණ අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු රියදුරා මෝටර් රථයේ හිමිකරු ය.

මීට පෙර බීමතින් මෝටර් රථය ධාවනය කිරීමේ චෝදනාව යටතේ ඉකුත් සතියේ තලවකැලේ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

තුවාලකරු රියදුරු බලපත්‍රය නොමැතිව මෝටර් රථය ධාවනය කර ඇති බව සඳහන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version