මුල් පිටුව උණුසුම් පුවත් ඉන්දු-ලංකා විදේශ ඇමතිවරු අබුඩාබිහිදී සාකච්ඡාවක

ඉන්දු-ලංකා විදේශ ඇමතිවරු අබුඩාබිහිදී සාකච්ඡාවක

0

අබුඩාබි නුවර පැවැත්වෙන 5 වැනි ඉන්දියානු සාගර සමුළුව අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා පැවැත්වූහ.

ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව, සංස්කෘතික කටයුතු මෙන්ම පුද්ගලාන්තර මුලපිරීම් කලාපීය සංවිධානවල ඒකාබද්ධ මුලපිරීම් යනාදී ප්‍රධාන විෂය කරුණු මෙම සාකච්ඡාව තුළ අන්තර්ගත විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version