මුල් පිටුව උණුසුම් පුවත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

0
police stop

නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ත්‍රී රෝද රථ සහ යතුරුපැදිවල ගමන් ගන්නා පුද්ගලයින් 2910 දෙනෙකුට ඊයේ දිනය තුළ අවවාදකර මුදා හැරිය බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

බස්නාහිර පළාත කේන්ද්‍රකරගනිමින් ඊයේ දවස පුරා නිලධාරීන් 845 දෙනෙක් යොදවා කළ විශේෂ පොලිස් මෙහෙයුමේදී මෙසේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකල පුද්ගලයින් පොලිස් භාරයට ගෙන අවවාද කර මුදා හැර තිබේ.

යතුරුපැදි 3068 ක් සහ ත්‍රීරෝද රථ 3207ක් පරීක්ෂාවට ලක්වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. එහිදී පරීක්ෂාවට ලක්වූ පුද්ගලයින් ගණන 9764 දෙනෙකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version