මුල් පිටුව උණුසුම් පුවත් රන් දියකර ගුද මාර්ගයේ ගෙනගිය ලාංකිකයෝ 10ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

රන් දියකර ගුද මාර්ගයේ ගෙනගිය ලාංකිකයෝ 10ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

0

රත්රන් දියකර තලප සේ සකසා සිය ගුද මාර්ගවල සඟවාගෙන මෙරට සිට ඉන්දියාවට රැගෙන ගිය කාන්තාවන් අට දෙනෙක් ඇතුළු ශ්‍රී ලංකිකයින් 10 දෙනෙක් ඉන්දියාවේ බෙන්ගලාරූ හි කෙම්පෙගව්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපොල රේගු අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් සෙනසුරාදා මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට ගමන්කර ඇති බව සදහන්ය.

මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටියකට අධික බව ගණන් බලා තිබේ.

මෙම පිරිස ආගමන විගමන අංශය වෙත යමින් සිටියදී බැංගලෝර් රේගු දෙපාර්තමේන්තුවේ ගුවන් බුද්ධි අංශය (AIU) විසින් නතර කර ඇත.

සැකකරුවන් 10 දෙනා සිය සිරුරු තුළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් දියකර තලපයක් ආකාරයෙන් මෙම රත්‍රන් තොගය සඟවාගෙන සිටි බව පරීක්‍ෂණයකින් අනතුරුව නිලධාරීන්ට පෙනී ගියේය.

බැංගලෝර්හි මෙම ජාවාරම් හසුරුවන්නන් හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

විත්තිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් මූලාශ්‍රය සොයා ගැනීමටත් සම්පූර්ණ රත්‍රං ජාවාරම් කල්ලිය කොටුකර ගැනීමටත් නියමිතය.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය වාර්තා පවසයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version