මුල් පිටුව උණුසුම් පුවත් යුරෝපයේ සහ ආසියාවේ කුරුළු උණ පැතිරීමේ අවදානමක්

යුරෝපයේ සහ ආසියාවේ කුරුළු උණ පැතිරීමේ අවදානමක්

0

ආසියානු සහ යුරෝපා කළාපයේ පසුගිය දින කිහිපය තුලදී කුරුළු උණ පැතිරයාමක් වාර්තා වන බව ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව මේවන විට වෛසරය වේගයෙන් මෙම කලාප තුල පැතිරයමින් පවතින බවත් කුකුළු ගොවිපල කර්මාන්තය සම්බන්ධ පිරිස් වෙත අවධානයෙන් පසුවෙන ලෙසත් ලෝක සත්ව සෞඛ සංවිධානය දැණුම්දී ඇත.

මේවන විට දකුණු කොරියාවෙන්ද වෛරසය ආසාදනය පැතිරයාම් වාර්තාවන අතර හත්ලක්ෂ හැත්තෑ දහසකට අධික කුකුළු සංඛ්‍යාවක් අතර වෛරසය පැතිරයාමක් වාර්තාවන වන අතර ඔවුන් සියල්ලම මරා දැමීමටද පියවරගෙන ඇති බවට වාර්තාවේ.

එසේම ජපානයෙන්ද වෛරසය පැතිරයාමක් වාර්තාවන වන අතරම නොර්වේ ගොවිපල වලද සතුන් 7000කට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත.
ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තයද මේවන වන විට වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් වැඩි අවාදනයක් යොමුකර තිබේ.

වෛසරය පැතිරයාමත් සමඟ වසංගත රෝග විශේසඥයින්ගේ අවදානයද ඒවෙත යොමුවී ඇති බවට වාර්තා වේ. කුකුළු ඇතුළු පක්ෂීන් අතර බහුලව මෙම වෛසරය පැතිරය ගියද එය මිනිසුන්ටද වැලදීමේ අවදානමක් පවතින බවැන් වසංගත රෝග විශේසඥයින්ගේ අවාදනය මේවන යොමුව ඇත.

මෙම වසර තුල පමණක් චීනයෙන් කුරුළු උණ වැලදුනු පුද්ගලයින් 21 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් කිහිපදෙනෙකුම මේවන විටත් මරණයට පත්ව සිටීමද විශේෂත්වයක්.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version