මුල් පිටුව උණුසුම් පුවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ පත්කිරීමට කොළඹ සරසවි ආචාර්යවරුන්ගෙන් විරෝධයක්

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ පත්කිරීමට කොළඹ සරසවි ආචාර්යවරුන්ගෙන් විරෝධයක්

0

කොළඹ විශ්ව විද්‍යාල නව කුලපතිවරයාගේ පත්කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ විශ්ව විද්‍යාවිද්‍යාලයේ කුලපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සභාපති මහාචාර්ය සුදර්ශනී වාසල තන්ත්‍රී මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

විශ්වවිද්‍යාලයක කුලපතිවරයා යනු එම විශ්ව විද්‍යාලයේ ගෞරවණීයත්වයේ සංකේතයක් හා මූර්තියක් බඳු යැයි ද කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ගෞරවයට පාත්‍ර වූ විශ්ව විද්‍යාලයක් බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් තම සංගමය කනස්සල්ලට පත්වන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version