මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන නීතිපති අදහස් විමසයි

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන නීතිපති අදහස් විමසයි

0

පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වූ නීතිමය තත්ත්වය ගැන නීතිපතිවරයාගේ නිර්දේශය තමාට ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

බොහෝ විට අද දවස තුළ නීතිපතිවරයාගේ නිර්දේශ ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පලකරයි.

කොවිඩ් එන්නත් කාඩ්පත ලෝකයේ රටවල් රැසක මේ වන විට අනිවාර්ය කර ඇති බැවින් එය කොවිඩ් පාලන කටයුතු සදහා වැදගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version