මුල් පිටුව උණුසුම් පුවත් ගමන් මල්ලෙන් හමුවූ කාන්තාව මරා දමා ඇත්තේ මට්ටක්කුලියේ නිවසකදී – අඹුසැමි...

ගමන් මල්ලෙන් හමුවූ කාන්තාව මරා දමා ඇත්තේ මට්ටක්කුලියේ නිවසකදී – අඹුසැමි යුවල් ඇතුළු 03ක් අල්ලයි

0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගයේ තිබුණු කසල ගොඩකින් සොයාගත් ගමන් මල්ලක දැමූ කාන්තාව මරා දමා ඇත්තේ මට්ටක්කුළියේ නිවසකදී හිසට පොල්ලකින් පහරදී බව හෙළිවී ඇත.

ඇය සමග එකට බූරු ගසන කාන්තාවක් සහ එම කාන්තාවගේ සහෝදරයා එක්ව ඇයව මරා දමා ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

රොෂානා නැමැති එම කාන්තාවගේ සහෝදරයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින්නෙක් බව මොහෙසඩ් නෞෂාඩ් නැමැත්තෙක් බවත් ඇගේ සැමියා නිසි රැකියාවක් නොමැතිව ජීවත්වන්නෙක් බවත් පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාව රොෂානා නැමැති සැකකාර කාන්තාව දැන හදුනාගෙන ඇත්තේ බූරු පිටිවලදීය. රොෂානා නැමැති කාන්තාව සූදුව නිසා හැම තැනටම ණය වී සිටින්නියක් බවද අනාවරණය වී ඇත. ඝාතනය වූ කාන්තාව උකස් කර ඇති රන් භාණ්ඩ බේරාගැනීමේ ව්‍යාපාරික කටයුත්තකද නිරතව සිට ඇති බව සදහන්ය. සූදුව සදහා උකස් කළ රන් මුදුවක් උකස්කර ඇති බැවින් එය සින්න වීමට නියමිත බැවින් එය බේරාගෙන තමාටද කීයක්හරි දෙන ලෙස රොෂානා නැමැති කාන්තාව ඝාතනයට ලක්වූ කාන්තාවට පවසා ඇති බවද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඒ අනුව ඉකුත් 28 වෙනිදා උකස් පොලට දෙදෙනාම ගොස් රන් මුදුව බේරාගෙන මට්ටක්කුළියේ නිවසට ගොස් තිබේ. එහිදී රොෂානාත් ඇගේ සහෝදරයාත් එක්ව මෙම කාන්තාවගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇගේ කණකර භාණ්ඩ ගලවා මළ සිරුර ගමන් මල්ලක දමා ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙම ඝාතනය සිදුවන විට රොෂානා නැමැත්තියගේ සැමියා නිවසසෙිට නැති අතර එදින සවස ඔහු නිවසට පැමිණෙන විට මළ සිරුර දැක ඒ ගැන විමසීමේදී සිදුවූ දෙය පවසා තිබේ. එදින එම මළ සිරුර එම නිවසේ තබා පසුදින ලොරි රථයක් කුළියට ගෙන නිවසේ ශිතකරණය කැඩී ඇති බව පවසමින් එය ලොරියට පටවාගෙන වැල්ම්පිටියට රැගෙන ගොස් ඇත. ශීතකරණය සමග මළ සිරුර තිබුණු ගමන් මල්ල පැදුරක ඔතා එයට ලොරියට දමාගෙන තිබේ.

වැල්ලම්පිටියේදී එම මළ සිරුර සහිත ගමන් මල්ල රොෂානා නැමැති කාන්තාවගේ සහෝදරයා විසින් පදවාගෙන පැමිණි ත්‍රී රෝද රථයක පටවා ඇත. එදිනම එම මළ සිරුර සපුගස්කන්න කමල ගොඩට විසිකර ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ සියළු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් අනතුරුව කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version