මුල් පිටුව උණුසුම් පුවත් තද වැසි සහ අකුණු අවදානමක් ගැන කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

තද වැසි සහ අකුණු අවදානමක් ගැන කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අණතුරු අඟවයි.

බස්නාහිර , සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු මැද යන පළාත්වලට ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version