මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

0

විස්සයි 20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සමඟ අද (30) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142ක් ලබා ගත්තේය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක පන්දු 58කින් ලකුණු 72ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 19.5ක දී කඩුලු 6ක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.

ශ්‍රී ලංකාව 142 (20)

ද.අප්‍රිකාව 146-6 (19.5)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version