මුල් පිටුව COVID මහාචාර්ය නීලිකා මලවිගේට WHO හි කොවිඩ්-19 පිළිබඳ උපදේශක තනතුරක්

මහාචාර්ය නීලිකා මලවිගේට WHO හි කොවිඩ්-19 පිළිබඳ උපදේශක තනතුරක්

0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ තේරී පත් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතයට (C-TAP) සම්බන්ධ විද්‍යාත්මක, තාක්ෂණික සහ උපාය මාර්ගික කරුණු පිළිබඳව උපදෙස් දීමට තාක්ෂණික උපදේශක කණ්ඩායමක් (TAG) පිහිටුවා ඇත.

කොවිඩ්-19 සෞඛ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් ලෙස විවිධ පරාසයක දැනුම සහ ප්‍රවීණත්වය ඇති කීර්තිමත් විශේෂඥයින් 10 දෙනෙකුගෙන් මෙම සමූහය සමන්විත වේ.

ඖෂධ, රෝග විනිශ්චය, එන්නත් සහ අනෙකුත් සෞඛ්ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය පිළිබඳ විශේෂඥයින්, මහජන සෞඛ්‍යයට නැඹුරු බුද්ධිමය දේපල පිළිබඳ විශේෂඥයින්, තාක්ෂණ හුවමාරු විශේෂඥයින්, ව්‍යාපාර සංවර්ධන විශේෂඥයන්, ඖෂධවල මිල නියම කිරීම, ප්‍රසම්පාදනය, අවශ්‍යතා ඇස්තමේන්තු කිරීම සහ/හෝ නියාමනය පිළිබඳ විශේෂඥයින් ඊට ඇතුළත් ය.

තාක්ෂණික උපදේශක කණ්ඩායම මේ මස තුළ ඔවුන්ගේ පළමු රැස්වීම පවත්වනු ඇත.

එහිදී ඔවුන්ට COVID-19 තාක්‍ෂණ ප්‍රවේශ සංචිතයේ මේ දක්වා ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීනයක් ලබා ගැනීමට, යොමු නියමයන් සහ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ කාර්යභාරය සමාලෝචනය කිරීමට සහ තාක්ෂණික උපදේශක කණ්ඩායම සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍ර/තේමා නිර්වචනය කිරීම සිදුකරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

එමෙන්ම WHO තාක්ෂණික උපදේශක කණ්ඩායම්වල මෙහෙයුම් ක්‍රියා පටිපාටි සමාලෝචනය කිරීමට ද මෙම කමිටුව එහිදී කටයුතු කරනු ඇත.

2021 සිට 2023 දක්වා කාලය සඳහා COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය (C-TAP) පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායමට පත් කරන ලද සාමාජිකයින් පහත පරිදි වේ:

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ නොපසුබට උත්සාහයක යෙදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස ලැබූ තනතුර පිළිබඳව NewsWave අපගෙන් මහාචාර්ය නීලිකා මලවිගේට සුබ පැතුම්!

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version