මුල් පිටුව COVID සංචරණ සීමා කිහිපයක් අද රෑ සිට ලිහිල් වෙයි

සංචරණ සීමා කිහිපයක් අද රෑ සිට ලිහිල් වෙයි

0

හෙට (26) සිට බලපැවැත්වෙන පරිදි අද මැදියම් රැයේ සිට සංචරණ සීමා කිහිපයක් ලිහිල් කර තිබේ.

ඒ අනුව දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා සංචරණ තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරේ.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා ශාලා තුල අමුත්තන් 100 දෙනෙකුට ද එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී ඇත.

කෙසේ වුවත් විවාහ මංගල උත්සව වලදී මත්පැන් භාවිතා කිරිමට අවසර හිමි නොවේ.

මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිමව පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර ඇත.

එමෙන්ම කාර්යාල රැස්වීම සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කොට ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version