මුල් පිටුව උණුසුම් පුවත් මාස ගණනක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ

මාස ගණනක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ

0

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට මාස ගණනාවක සිට ශල්‍ය වෛද්‍යවරයකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ මේ වන විට වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 42 දෙනෙකු පමණක් සේවය කරන බවද එම සංගමය කියයි.

ශල්‍ය වෛද්‍යවරයකු නොමැතිවීම නිසා එම දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ ගැටලු මතුව තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ඉදිරි සති දෙකක කාලයක් තුළ ගැටලුව විසඳීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වුවහොත් මුලතිව් රෝහලේ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version