මුල් පිටුව special ලංකාවේ ප්‍රථම ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලසුම “Dollar Saver” සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින්

ලංකාවේ ප්‍රථම ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලසුම “Dollar Saver” සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින්

0

 ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නව්‍ය රක්ෂණ සැලැස්ම විදේශයන්හී සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සඳහා ඉලක්ක කරමින් සකසා ඇත. දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට තමන්ගේ ඇමරිකානු ඩොලර් ඉතුරුම් සඳහා 6.5% ක ඉහළ වාර්ෂික ප‍්‍රතිලාභයක් සහතික කෙරේ. මෙම ඉතුරුම් සැලසුමේ කාල සිමාව අවුරුදු දෙකක් වන අතර රක්ෂණ ඔප්පු හිමියන්ට තමන්ගේ කල් පිරීමේ ප‍්‍රතිලාභයට සමාන ජීවිත රක්ෂණ අවරණයක්ද ලබා දෙනු ලැබේ. ‘’Softlogic Life Dollar Saver’’ සැලැස්ම රක්ෂණ සමාගමක් මගින් ලබාදෙන මේ ආකෘතියේ පළමු සැලැස්ම වන අතර ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි වලට අනුකූලව මෙම සැලැස්ම සකසා තිබීම විශේෂයි.

මෙම නවතම ඉතුරුම් රක්ෂණ සැලැස්ම අද දවසේදී හඳුන්වාදුන්නේ virtual පසුබිමකය. එමගින් මෙම සැලැස්ම ඕනෑම මොහොතක, ඕනෑම තැනකදී ශ‍්‍රී ලාංකිකයන් හට ලබාගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් සකසා ඇති තාක්ෂණික පසුබිම මනා ලෙස පෙන්නුම් කෙරුණි. ‘’Softlogic Life Dollar Saver’’ හී වැදගත්කම පිළිබඳව ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසුවේ, ‘‘ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පවත්වාගැනීමට විදේශ ආයෝජන රට වෙත වැඩිදුරටත් ආකර්ෂණය කරගැනීම ඉතා වැදගත්. රට තුළ ඉතුරුම් උත්පාදනය කිරීමේ වැදගත් අංගයක් ලෙස ඉතුරුම් රක්ෂණ සැලසුම් සැලකිය හැකි අතර මෙමගින් දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේත් වර්ධනය මනා ලෙස තහවුරු වී, රටේ ආර්ථික වර්ධනයත් ඉදිරියට ගෙනයාමට මහඟු පිටුවහලක් වෙනවා. මෙවැනි නව්‍ය රක්ෂණ සැලැස්මක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මම සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට සුභ පතනවා. මෙය විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් දේශීය ඉතුරුම් ප‍්‍රජාවේ පාර්ශවකරුවන් ලෙස එක්කරගැනීම සඳහා නව මාවතක් විවර කර දී තිබෙනවා.” ‘’Softlogic Life Dollar Saver’’ සැලැස්ම විදෙස්ගත, විදේශ අදායමක් උපයන ශ‍්‍රී ලාංකිකයන්ගේ ආයෝජනය සහ ආරක්ෂාව යන අවශ්‍යතා ද්විත්වයම සපුරාලනවා. මෙම සැලැසුම, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට සහ විදේශීය ආදායමක් උපයන ශ‍්‍රී ලංකාවේ දැනට වාසය කරන පුද්ගලයින්ට ද විවෘත කර තිබෙනවා. එකවරක් පමණක් සිදුකරන වාරික ගෙවීමක් ලෙස අවම ඇමරිකානු ඩොලර් 5000ක් හෝ උපරිම ඇමරිකානු ඩොලර් 100,000ක මුදල් ප‍්‍රමාණයක් යෙදවීමෙන් ‘’Softlogic Life Dollar Saver’’ සැලැස්මක් ආරම්භ කළ හැකියි.

ඡයාරූපයේ වමේ සිට දකුණට:     ශ්‍රී ලංකා මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,     සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සභාපති අශෝක් පතිරගේ මහතා,     සොෆ්ට්ලොජික් ලයිෆ් කළමණාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා,     සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රධාන බෙදාහැරීම් නිළධාරී – Alternate Channels පියුමාල් වික්‍රමසිංහ

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ, “තරඟකාරී බව සහ ලෝකයේ සිදුවන නව්‍යතා සසඳා බලන විට, ලොව පුරා සමාගම් තමන්ගේ ව්‍යාපාරයන් වඩාත් දියුණු කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර ක‍්‍රියාවලීන් නවීකරණය කළ යුතුයි. වර්තමානයේ, COVID උවදුර සසඳා බැලීමේදී ලෝකයේ බොහෝ සමාගම්වල පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකයක් බවට තාක්ෂණය පත්වී තිබෙනවා. සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම COVID වසංගතය පැමිණීමටත් පෙර සිටම නව තාක්ෂණික දැනුම මනා ලෙස උපයෝගී කරගත් සමාගමක්. ඒ නිසාමයි 2021 ප‍්‍රථම භාගයේදී 43%ක විශිෂ්ඨ වර්ධන වේගයක් අත්පත් කරගන්නට අප සමාගමට හැකිවුණේ. ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ සිටින තරගකරුවන් අභිබවමින් ලෝකය පුරා විසිර සිටින මිලියන 2ක ශ‍්‍රී ලාංකිකයින් වෙත රැකවරණය ලබා දීමට අප සමාගමක් ලෙස ශක්තිමත්ව සිටි අතර මෙතුළින් ශ්‍රී ලංකාව තවදුරටත් dollar මුදල් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලබා දීමට අපට හැකියාව ලැබීම අප ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක්.’’ යනුවෙනි.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් හි සභාපති අශෝක් පතිරගේ මහතා අදහස් දක්වමින්

සොෆ්ට්ලොජික් ලයිෆ් හී ආරක්ෂිත, 100%ක් ලියකියවිලි රහිත, ඩිජිටල්කරණය කළ ලියාපදිංචි වීමේ ක‍්‍රියාවලිය තුළින් ගණුදෙනුකරුවන්ට ‘’Softlogic Life Dollar Saver’’ සැලැස්ම සඳහා ලියාපදිංචි විය හැකියි. මීට අමතරව ඕනෑම ණය හෝ හර කාඞ්පතක් හරහා වාරික ගෙවීමේ පහසුවද (නිසි සීමාවන්ට අනුකූලව) ගණුදෙනුකරුවන්ට ලබා දී තිබේ. සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ප‍්‍රකාශ කළේ, ‘‘2021 ප‍්‍රථම භාගයේදී 43% ක වර්ධන වේගයක් පෙන්නුම් කරමින්, 30%ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක්, එනම් දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ වර්ධනය මෙන් දෙගුණයක් පෙන්නුම් කළ ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වශයෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විදෙස් විනිමය ඉතුරුම් රක්ෂණ සැලසුම හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. මෙම සැලසුම මගින් රක්ෂණය සහ ආයෝජනය යන කාරණා දෙකම ඒකාබද්ධ කර තිබෙනවා. මෙය ශ‍්‍රී ලංකා මහා බැංකුවේ විදේශ විනිමය සහ අනෙකුත් නියාමනවලට අනුකූලව සකසා ඇති අතර, මෙමගින් ලැබෙන ආදායම රජයේ රක්ෂණ සුරැකුම්පත් සහ ඊට සමාන ආයෝජන සැකැස්ම තුළ ආයෝජනය කරනු ලබනවා. ‘’Softlogic Life Dollar Saver’’ සැලැස්ම සඳහා එක්වීමට විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් සියළු දෙනාටම මා ගෞරවයෙන් ආරාධනා කරනවා.” සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සැමවිටම නවෝත්පාදනයන් හා ශ‍්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ දැඩි අභිලාෂයට අනුගතවී ඇති සමාගමකි. COVID වසංගතය හේතුවෙන් දේශීය ව්‍යාපාර අස්ථාවර වී ඇති වාතාවරණයක් තුළ වුවද, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නොනවතින වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකි වී තිබෙන්නේ මේ නිසාමය. සමාගම විසින් දියත් කළ නව්‍ය රක්ෂණ සැලසුම්, ශ‍්‍රී ලාංකික ජීවිත විශාල ප‍්‍රමාණයක් ඉහළ තත්වයකට ගෙන ඒමට සමත් වී ඇත. එක දිනයක් තුළ හිමිකම් පියවීමේ ක‍්‍රියාවලිය, තැපැල් සහ ජංගම දුරකථන සම්බන්ධතා හරහා ප‍්‍රවේශ විය හැකි දෛනික ජීවිත රක්ෂණ සැලසුම් හඳුන්වාදෙමින්, ගණුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ රක්ෂණ සමාගමක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් රට තුළ ප‍්‍රචලිත වී තිබේ. මේ වනවිට දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ තෙවන ස්ථානයේ පසුවන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම, ඉතා කෙටි කලක් තුළ රක්ෂණ ක්ෂේත‍්‍රයේ වසර ගණනක අත්දැකීම් ඇති දැවැන්ත සමාගම් රැසක් පසුකරමින් ඉදිරියට ඒමට සමත් වී තිබේ. ඒ ඔවුන්ගේ ශක්තිමත් සහ තිරසාර වර්ධන වේගය නිසාමයි. මේ වනවිට තම රක්ෂණ සැලසුම් මගින් මිලියන 1.5 කට අධික ලාංකික ජීවිත ප‍්‍රමාණයක් සුරක්ෂිත කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකිවී තිබේ.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version