මුල් පිටුව දේශීය පුවත් පුද පූජා තබා නිධානයක් ගැනීමට සූදානම් වූ 4ක් එස්.ටී.එෆ්. දැලේ

පුද පූජා තබා නිධානයක් ගැනීමට සූදානම් වූ 4ක් එස්.ටී.එෆ්. දැලේ

0

නිධානයක් ඇතැයි කියන ස්ථානයක පුද පූජා පවත්වමින් කැණිමක් කරමින් සිටි සිව් දෙනෙක් මාවනැල්ල මහකන්ද පාර, කොවිල්කන්ද වත්තේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

කෑගල්ල කදවුරේ නිලධාරීන්ට ලද තෙතාරතුරකට අනුව ඊයේ සවස කළ මෙම වැටලීමේදී අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කපුවෙක්ද සිටින බව විශේෂ කාර්ය බලකා තොරතුරු අනාවරණය කළේය.

පානදුර මාලමුල්ලේ පදිංචි අවුරුදු 70 ක් වයසැති පුද්ගලයෙක්, හිගුල පල්ලේපාකඩවර පදිචි අවුරුදු 20 ක් වයසැති පුද්ගලයෙක්, යක්කල දිමුතු මාවතේ පදිංචිකරුවෙක් වන අවුරුදු 27 ක පුද්ගලයෙක්, හිගුල ගනේතැන්නේ පදිංචි 25 වියැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිති.

පූජා වට්ටි මෙන්ම කැණිම් උපකරණත්, ගල් කැඩීමට යොදා ගන්නා රසායනික දියර වර්ගයක් මෙන්ම තවත් ද්‍රව්‍ය රැසක් එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් සහ සොයාගත් උපකරණ මාවනැල්ල පොලිස් ස්ථානයට භාරදී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version