මුල් පිටුව දේශීය පුවත් ඊ- මේල් සහ ජංගම දුරකතනයෙන් සිතාසි බෙදන්න නීති සැකසේ

ඊ- මේල් සහ ජංගම දුරකතනයෙන් සිතාසි බෙදන්න නීති සැකසේ

0

අධිකරණමය කටයුතු වලදී සිතාසි යැවීමට ඊ-මේල් සහ ජංගම දුරකතන කෙඩි පණිවුඩ යොදා ගැනීමට හැකිවන ලෙස නීති සම්පාදනය කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබේ.

ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 101 වන අධිකාරිය සංශෝධනය කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ඊයේ හිමිවී ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

සිතාසි නිකුත් කිරීම සහ භාර දීම පිළිබඳව දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර නඩුවක පාර්ශ්වකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකථන පණිවුඩ වැනි වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන සන්නිවේදන ක්‍රම යොදා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අනුව, එකී කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සංශෝධනයන් ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම පිණිස සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version