මුල් පිටුව උණුසුම් පුවත් දැරිය නොහැකි මිලගණන් නිසා ලෙබනනයේ මිනිස්සු කෑම වේල් අත්හරිති

දැරිය නොහැකි මිලගණන් නිසා ලෙබනනයේ මිනිස්සු කෑම වේල් අත්හරිති

0

ලෙබනනයේ පවතින ඉන්ධන අර්බුදය ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇති බැවින් එරට ජනතාව ආහාර වේල් අතහැර දමමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ලෙබනනයේ ආහාර අර්බුදය මෑත කාලීන සිදුවූවක් නොවේ. ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කළේ වසර දෙකක කාලයක් තුළ ආහාර මිල සියයට 628 කින් ඉහළ ගොස් ඇති බවයි.

ලෙබනනයේ ආර්ථිකය අඩාල වීමත් සමඟ එහි ජනගහනයෙන් හතරෙන් තුනක් දුගීභාවයට ඇද වැටී සිටිති. ලෙබනන් පවුම සියයට 90 කින් පමණ අවප්‍රමාණය වී ඇත.

කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් ආහාර අර්බුදය සැලකිය යුතු ලෙස උග්‍ර වි ඇත.

ලෙබනනයේ රජය ජුනි මාසයේ සිට ක්‍රමයෙන් ඉන්ධන සහනාධාර ඉවත් කරමින් සිටියේය. ඉන්ධන හිඟය සඳහා වූ දුෂ්කරතා විසඳීම සඳහා මාසයක් තුළදී පෙට්රල් මිල හතර ගුණයකින් වැඩි කළේය.

මේ අතර, ලෙබනනය වැඩි වැඩියෙන් සිදු කරන විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් රජයෙන් ලබා දෙන විදුලිය මුළුමනින්ම පාහේ අඩුවී ඇති අතර පුද්ගලික උත්පාදක යන්ත්‍ර සඳහා ඩීසල් ඉන්ධන මිලද ඉහළ ගොස් තිබේ.

‘අපේ ආහාර මිල ගණන් මිල අධික වෙමින් පවතින්නේ ඉන්ධන උත්පාදනය සඳහා පුද්ගලික උත්පාදක යන්ත්ර සැපයුම්කරුට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවිනි,’ එරට වැසියකු වන මොහොමඩ් පවසයි.

ලෙබනනයේ ආර්ථික අමාත්‍යාංශය මේ සතියේ මුලදී නිවේදනය කළේ ඔවුන් මේ වසරේ හයවන වතාවටත් පාන් මිල ඉහළ නැංවූ බවයි.

පෙට්රල් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ද දේශීය මුදල් අවප්‍රමාණය වීම ද හේතුකොටගෙන ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අනුව, ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින්ගෙන් 67% දැන් ආහාර වේල් අතහරිමින් සිටී.

එම කාර්යාලයට අනුව, ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින්ගෙන් සියයට 90 ක්ම දැන් අන්ත දුප්පත්කමේ ජීවත් වෙති. එමෙන්ම ලෙබනනයේ 36% ක පුළුල් ජනසංඛ්‍යාවක් දුප්පත්කමේ අඩියටම වැටී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version