මුල් පිටුව උණුසුම් පුවත් සෞඛ්‍ය සේවකයෝ අද විරෝධතාවක

සෞඛ්‍ය සේවකයෝ අද විරෝධතාවක

0

විධිමත්‌ ස්ථාන මාරු ක්‍රමවේදයක්‌ සහ විධිමත්‌ බඳවාගැනීම්‌ පටිපාටියක්‌ සකස්කර කරදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වීය.

විධිමත්‌ බඳවා ගැනීම්‌ පටිපාටියක්‌ නොමැති නිසාවෙන්‌ ස්ථාන මාරු ලබාදීමේදී ගැටලු ගණනාවක්‌ මේ වනවිට මතුවී ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

එමෙන්ම ලබාදෙන ස්ථාන මාරු විධිමත්‌ ක්‍රමවේදයකට ලබා නොදීම නිසා සේවකයින්‌ දඩි අසාධාරණයටත්‌ කලකිරිමටත්‌ පත්ව ඇති අතර දේශපාලන බලය පාවිච්චි කරමින්‌ ඇතැම්‌ ස්ථාන මාරු අවිධිමත්‌ ආකාරයට සිදුකරන බවට තම සංගමයට වාර්තා වී ඇතැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කියා සිටී.

වසර 10, 15 ක කාලයක්‌ කොළඹ ඇතුලු ප්‍රදේශවල සේවය කරන සේවකයින්‌ තමන්‌ ජීවත්වන ප්‍රදේශවලට මාරුවීම්‌ ලබා පොරොත්තුවෙන්‌ සිටින අතර මේ සඳහා සම්මුඛ පරීක්ෂණද වරින්වර සිදුකර ඇත.

එහෙත්‌ එම ලේඛන පදනම්කරගනිමින්‌ ස්ථාන මාරු ලබාදීම්‌ සිදුවන බවක්‌ දක්නට නොමැති බැවින්‌ මෙම ස්ථාන මාරු ලබාදෙන ආකාරය හා ඒවා කඩිනමින්‌ සිදුකිරිමට බලකරමින්‌ හා නවක කණ්ඩායම බඳවාගැනීමේදී සෞඛ්‍ය ඇමතිගේ දේශපාලන හිතවත්කම්‌ මත එය සිදු
නොකර දිස්ත්‍රික්‌ මට්ටමින්‌ විධිමත්‌ ආකාරයකට බඳවාගැනීම්‌ සිදුකිරිමට බලකරමින්‌ මෙම විරෝධතා උද්ඝෝෂණ සිදුකරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version