මුල් පිටුව උණුසුම් පුවත් 2022 වසරට ආණ්ඩුවේ වියදම බි. 2500ක් – ජනපති වියදම් බි. 6කින් අඩු...

2022 වසරට ආණ්ඩුවේ වියදම බි. 2500ක් – ජනපති වියදම් බි. 6කින් අඩු කරලා

0

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 2,505ක් ලෙස (2,505,346,558,000.00) ඇස්තමේන්තුගත කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

මෙයින් රු. බිලියන 1,776.40 ක් පුනරාවර්තන වියදම් හා රු. බිලියන 728.94 ක් මූලධන වියදම් වශයෙන් වර්ගීකරණය කර ඇත.

පොදු සේවාවන් සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 12.6කි. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතන වලවියදම් පොදු සේවාවන් ට ඇතුළත් වේ.

2021 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78 කි.

ගෙවුණු වසරට සාපේක්ෂව ලබන වසර සඳහා ජනාධිපති වරයාගේ වියදම රුපියල් බිලියන 6.6 කින් අඩු කර තිබේ.

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන් කර ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන්‌ වන අතර එම මුදල රුපියල් බිලියන 373 කි. එය ගෙවුණු වසර ට වසරට සාපේක්ෂව රුපියල් බිලියන 18 කින් වැඩි වීමකි.

රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ලබන වසරට රුපියල් බිලියන 286.7ක් වෙන් කර ඇති අතර, ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම් වේ.

මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 250.1කි. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම් ය.

මෙම වසරේදී රුපියල් බිලියන 126.5ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 153.5ක් වෙන් කර ඇත. එය මෙම වසරට සාපේක්ෂව බිලියන 06ක පමණ අඩුවීමකි.

මුදල් අමාත්‍යාංශය සඳහා බිලියන 185.9ක වෙන් කර ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමකි.

අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් නොවැම්බර් 12 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

වසර්ජන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version