මුල් පිටුව දේශීය පුවත් “දෙර‍ටේ එකඟතා ගැන ජනතාව නිවැරැදිව දැනුවත් කළ යුතුයි”- ජනපති

“දෙර‍ටේ එකඟතා ගැන ජනතාව නිවැරැදිව දැනුවත් කළ යුතුයි”- ජනපති

0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනුලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා වෙත පවසා තිබේ.

වාසි අවාසි පැහැදිලි කරදී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version