මුල් පිටුව උණුසුම් පුවත් රට ඇරියත් සති 2ක් කෝච්චි නෑ

රට ඇරියත් සති 2ක් කෝච්චි නෑ

0

නිරෝධායන ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කර රට සම්පූර්ණයෙන් විවෘත කලද මගී දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට යම් කාලයක් ගතවනු ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

මගී දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නම් අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයිද ඇමතිවරයා පවසයි.

එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මගී බස් රථ ධාවන කටයුතු සිදුවන බවත් පළාත් අතර මගී බස් රථ ධාවනයද සති දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක නොවනු ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version