මුල් පිටුව special අන්තර්ජාලය අන්තර්ජන්ජාලයක් නොකර ගමු

අන්තර්ජාලය අන්තර්ජන්ජාලයක් නොකර ගමු

0

සටහන : මහේෂානී මීගහපොල
 
ගෝලීය වසංගත සමය තුළ මාර්ගගත අධ්‍යාපනය තුළ දරුවන් වැඩි වශයෙන් තාක්ෂණික මෙවලම් උදාහරණ ලෙස සුහුරු ජංගම දුරකතන (Smart Phone) පරිගණක භාවිතයට යොමු වී ඇත. නිවැරදි ලෙස භාවිතය තුළින් වඩා යහපත් ප්‍රතිඵලදායි වන අතර අවභාවිතය නිසා සිදුවන හානිය ද ඉමහත්ය.
 
අන්තර්ජාලය නිසා ඇති වන අයහපත් පැත්ත මඟහරවා ඔබගේ දරුවා කුඩා අවදියේ සිට ම ගුණාත්මක ලෙස සංවර්ධනය කරගන්නා අයුරු පාඨක ඔබට දැනුවත් කරන්න එකතු වුණේ,
 
ළමා හා යොවුන් මනස පිළිබඳ
විශේෂඥ වෛද්‍ය වජන්ත කොතලාවල මහතා

නවීන තාක්ෂණය ගින්දර වගේ


තාක්ෂණයත් ඒ වගේ තමයි. දරුවන් තාක්ෂණය ගැන නිවැරදි දැනුම අවබෝධය ලබා ගැනීම සේම දෙමව්පියනුත් තාක්ෂණය පිළිබඳ නිවැරදි අවබෝධය / දැනුම ලබා ගැනීම හරහා දරුවාව නරක පැත්තට යොමුවීම වළකා ගන්න හැකියාව තියනවා.
 
දරුවා නුසුදුසු පැත්තට යොමුවීම වළකා ගන්න උපක්‍රම ඒ තුළම තියනවා.


තාක්ෂණික උපාංග තුළම තියනවා අවශ්‍ය දෙය විතරක් බැලීමට සකසා ගෙන අනවශ්‍ය කොටස්  Block කරන්න. උදාහරණ විදියට,
අන්තර්ජාල පහසුකම් ( Wi – Fi ) එකෙන්ම Block කිරිමේ හැකියාව තියෙනවා.


එහෙම නැත්නම් ළමයින්ට වෙනම ( Account ) ගිණුමක් සදා දීලා වයස ඇතුළත් කළ විට සම්පුර්ණයෙන්ම පෙන්වන්නේ දරුවාට අවශ්‍ය ගැළපෙන කොටස පමණයි.
දෙමාව්පියන් ඒ ගැන දැනුවත් වී එවැනි උපක්‍රම භාවිත කරන්න පුළුවනි.


දැන් චුටි ළමයිනුත් Smart Phone වලට ඇබ්බැහි වෙලා. සමහර වේලාවට ඒ කාල සීමාව ඇති දරුවා වැරදි Screen එකකට යොමුවන්න. ඒ නිසා අපි වෛද්‍යවරු විදියට දෙන උපදේශණය තමයි දරුවා සමඟ ඒ දෙයට යොමුවන්න.


උදාහරණයක් විදියට Computer Game එකක් සෙල්ලම් කරනවා නම් පුංචි වේලාවක් හරි දෙමව්පියන් වශයෙන් ඔබත් දරුවා සමඟ Game  එක සෙල්ලම් කරන්න.
ඒ වගේම පුංචි කාලේ සිට ම බලන දකින දේ දිහා විවේචනාත්මකව බලන්න හුරු කරන්න. ඒ තුළින් දරුවා දකින අහන දේ පිළිබඳව කුඩා කළ සිට ම ධනාත්මක පැත්ත වගේම ඝෘණාත්මක පැත්ත වෙන් කර ගන්න හැකියාව ලැබෙනවා. දෙමව්පියන් ළඟ ඉඳලා මේ දේවල් වලට හුරුවෙනවා. ඒ විදියට කරන්න නැත්නම් දරුවා කුඩා කාලේ ඉඳන්ම හුරුවන්නේ එක පැත්තකට පමණයි.


එදිනෙදා කාලය කළමණාකරණය කර ගෙන සැලසුම් සහගතව වැඩ කරවීමට කාල සටහනක් සකසා ඒ අනුව කටයුතු කිරීමට කුඩා කළ සිට ම හුරු කරවීම වැදගත්. එයින් මෙවැනි දේවල් වල දී පමණක් නොව සෑම කාර්යක දීම ප්‍රයෝජනවත්.
 
දරුවාට මේ නවීන තාක්ෂණය භාවිතය තුළින් ජිවිතයට ඉගෙන ගන්න අලුත් දේවල් තියනවා. ඉස්සර අධ්‍යාපන ක්‍රමය පොත පතට පමණයි සීමා වෙලා තිබුණේ. නමුත් මේ නවීන තාක්ෂණය සමඟ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියනවා. බොහොම කෙටි කාලයක් තුළ දී අවශ්‍ය තොරතුරු ගන්න පුළුවනි. ඒ වගේම දරුවාගේ නිර්මාණ හැකියාව කුසලතා වර්ධනය වැනි හැකියාවන් වැඩි දියුණු කරගන්න පුළුවනි. ඒ වගේම  අන්තර්ජාලය අපට අවශ්‍ය දේ ඒ වෙලෙම ලැබීම තුළ ගුණාත්මක වගේම දරුවා ඒ තුළට හුරුවෙනවා. අවශ්‍ය දේ ඒ ලෙසම ලැබෙයි කියලා. ඒ තුළින් දරුවාගේ ඉවසීම සිතට ඒ වගේම කාර්යයේ දී මහන්සි වී ප්‍රතිඵල ලබා ගත හැකි ක්‍රම වැනි දේ වල දී තරමක් දරුවාට හානි වීමට පුළුවනි.

මේ වසංගත කාලය තුළ වුවත් දරුවාව අන් අය සමඟ එකතුවීමට ඉඩ හරින්න.


මේ කාල වකවානුව තුළ දී සමාජ සන්නිවේදනය 100% බැරිවුණත් තාක්ෂණය හරහා යම් ප්‍රමාණයක් දායක කරගන්න පුළුවනි.

ගුරුවරයා සමඟ යහළුවන් සමඟ අන්තර්ජාලය / Zoom  තාක්ෂණය හරහා යොමුවීමට පුළුවනි.

අපේ රටේ සමහර පාසල් වල මේ ක්‍රමයන් අනුගමනය කර තිබුණා. දරුවන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාවල් අන්තර්ජාලය හරහා ඒ හරහා නිරෝධායනය වුණු දරුවන් පවා සහභාගි කරගන්න පුළුවනි.


එවැනි ක්‍රම හරහා දරුවාගේ බාහිර කුසලතා වර්ධනය වැඩිදියුණු කරගැනීම වගේම දරුවාගේ ඒකාකාරී මනසට ලොකු සැහැල්ලුවක් ඒ හරහා ලැබෙනවා.
ඒ වගේම දිනකට විෂය ආවරණය කිරිමේ දී දරුවාට දරාගත හැකි ලෙස ඉගැන්වීම වගේම දරුවාව අපහසුතාවට පත් නොකර ඉගැන්වීම කළ යුතුයි.
අන්තර්ජාලය යොදා ගන්නා ආකාරයත් ධනාත්මකව යොදා ගැනීම වගේම සීමිත සම්පත් වලින් වැඩි ප්‍රයෝජන ලබා ගැනීමට දරුවාව හුරු කළ යුතුයි.

කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version