මුල් පිටුව COVID කොවිඩ් නිසා මියයන පොලිස් නිලධාරීන්ගේ වැටුප දිගටම පවුලට

කොවිඩ් නිසා මියයන පොලිස් නිලධාරීන්ගේ වැටුප දිගටම පවුලට

0
police covid sri lanka

රාජකාරියේ නිරතන සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට ඒම නිලධාරියා විශ්‍රාම යන වයස සම්පූර්ණ වන තුරු සම්පූර්ණ වැටුප ලබාදීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සකස්කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාට අද උපදෙස් දී ඇත.

පොලිස් නිලධාරීන් 11,700 ක් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර 28 දෙනෙක් මිය ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාශය සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version