මුල් පිටුව special රෝග බිය දුරු වී නීරෝගීවන්නට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා

රෝග බිය දුරු වී නීරෝගීවන්නට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා

0

සැකසුම : මහේෂානි මීගහපොල
 
සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රියාවලියේ දී මඳ රෝග ලක්ෂණ වගේම රෝගය මතු වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන්ට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් නිවසේ සිට ප්‍රතිකාර ලබා සුවවීමට අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව මේ රෝගය වැළඳුණ හෝ රෝගය නොසැදී ආරක්ෂා වෙන්නේ කෙසේද යන්න ඔබව දැනුවත් කිරීම සඳහා අදහස් සම්පත් දායකත්වය ලබාදුන්නේ, කුරුණෑගල ආයුර්වේද රෝහලේ වි‍ශේෂ‍ඥ වෛද්‍ය M.D.S.K.R. මුතුගල මහතා.
 
කොරෝනා වෛරසය ගැන අපේ වෛද්‍ය ග්‍රන්ථ වල නැතත් එවැනි ලක්ෂණ එන ”උණ” රෝග ගණනාවක් තියෙනවා. දැනට එකෙනුත් වාත හා කඵ එකතුවීමෙන් සෑදෙන රෝගයක් ලෙස ආයුර්වේදය තුළ අප හඳුනාගෙන තියෙන්නේ කොරෝනා රෝගය සඳහා ප්‍රතිකාර ලබාදීමේ දී වාත කඵ දෝෂ වලට සිදුකරන ප්‍රතිකාර තමයි සිදුකරන්නේ.

වෛරස රෝගයක දී ප්‍රතිජීවක ඖෂධ නැහැ. වෛරසයට විරුද්ධව සිරුර තුළින්ම තමයි ප්‍රතිශක්තිය ගොඩනගා ගන්නේ. ප්‍රතිශක්තිය ගොඩනැගෙන්න අපට නිවසේ සිට කරන්න පුළුවන්. වෛරසයට විරුද්ධව සිරුරෙන් ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තිය කර ගැනීම තමයි මේ රෝගය සුවවීමට කරගන්න ඕන. මේ රෝගයේ දී තද උණ වැළඳී තිබෙනවා නම් අත් බෙහෙත් කර කර බලා සිටීම සුදුසු නෑ. එය අනතුරුදායකයි.

උණ ඇතිවෙන්න පුළුවන් අවස්ථා 02ක් තියෙනවා මේ කෙරෝනා වෛරසයේ දී.

1.       Covid රෝගය නිසා උණ මතුවෙනවා.
2.       දෙවනුව මේ රෝගය නිසා නිවිමෝනියා තත්ත්වයට පත්වීමෙන් උණ ගන්න පුළුවනි.
 
අපි අඳුරගන්න ඕනි මේ උණ එන්නේ වෛරසය නිසා ද නැත්නම් වෛරසය පෙනහලු වලට ගිහිල්ලා පෙනහලු පටක ආසාධිත වෙලා ඇතිවන උණක් ද කියලා අපි අඳුර ගන්න ඕනි.
පෙනහලු වලට ආසාධන වෙලා නම් වෛරසය නිව්මෝනියා තත්ත්වයට පත්වෙන්න යනවා නම් වහාම රෝහල් ගත කර ප්‍රතිකාර ලබා ගත යුතුයි.
වෛරසය නිසා ඇතිවන සාමාන්‍ය උණක් නම් අපට නිවසේ දී පාලනය කරගන්න පුළුවනි.
මීට අමතරව රෝගියා තුළ ඇතිවන අපහසුතා ලෙස හුස්ම ගැනිමේ  අපහසුතා මතුවීම.
විනාඩියකට ගන්න ශ්වසන වාර ගණන වැඩිවෙනවා. ඊට අමතරව කෙටි හුස්ම ගැනීම සිදුවෙනව. ඒ කියන්නේ දිග හුස්ම ගන්න අමාරුයි.
වෙනදාට වඩා දින චර්යාවේ කාර්යයන් වල දී හතිය අමාරු ස්වභාවයක් එනවා. උදාහරණයක් විදියට පඩිපෙළ නගිද්දී වෙනදාට වඩා අමාරුවක් මහන්සි ගතියක් දැනීම.
ඊට අමතරව හිස කැක්කුම මීට අමතරව බොහෝ වේලාවට කැස්ස තියෙන්න පුළුවනි. කැස්ස කැඩිලා යන්නැති වියළි ස්වභාවයක් ගන්නවා.
සාමාන්‍ය උණක් නෙමේ තද උණක් පවතී නම් හුස්ම ගැනිමේ අපහසුතා කටින් හුස්ම ගැනීම හෝ හුස්ම ගැනිමේ අපහසුව
මේ වෛරස් රෝගය ප්‍රධාන ලක්ෂණ හඳුනාගෙන රෝහල් ගතවීම අවශ්‍යයි.
නමුත් රෝගයේ මඳ ලක්ෂණ තියෙන රෝගීන්ට නිවස තුළ ප්‍රතිකාර ලබා ගන්න පුළුවනි. කොරෝනා රෝග ලක්ෂණ තද බල නොවන උදාහරණ විදියට තද උණ  නැති හුස්ම ගැනිමේ අපහසුතා නැති රෝගීන්ට නිවසේ සිට නිරෝධායනය වෙමින් ප්‍රතිකාර කරන්න පුළුවනි.

අතිතයේ දෙයියන්ගේ ලෙඩ පැපොල, සරම්ප වැනි රෝගයක දී රෝගියා මෙන් ම ගෙදර සාමාජිකයන්, ගෙදරින් පිටස්තර අයත් ආරක්ෂා වෙන ක්‍රමවේදයක් තිබුණා. අන්න ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන් මේ රෝගය වළකා ගන්න.
 
ආයුර්වේද පැත්තෙන් අපට කරන්න පුළුවන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අපි හදලා තියෙනවා ආයුර්වේද වට්ටෝරු ප්‍රතිශක්තිය වැඩි කරගන්න. එවැනි දේ භාවිත කරන්න පුළුවනි.
ඊට අමතරව ඖෂධ වර්ග එකතු කර හුමාල ඇල්ලීම කරන්න පුළුවනි. ඒ සඳහා පාවට්ටා, මදුරුතලා, දෙහි කොළ වැනි පැගිරි කුලේ ශාක පත්‍ර යොදා තම්බා ඖෂධිය දුමාරයෙන් හුමාලය අල්ලන්න පුළුවනි.
තව උගුරේ ආසාධන වැනි තත්ත්ව වල දී මුඛ වගේම උගුර සෝදන්න ඖෂධිය ගුණ සහිත මුඛ/උගුර සෝදන්න දියර භාවිතය සුදුසුයි.
මෙවැනි රෝග වල දී ඈත අතිතයේ ඉදහිට භාවිත කළ කොත්තමල්ලි පානයට උණ අඩු කිරිමේ හැකියාව වගේම උණ වර්ග වලට ඉතාම හොඳ ප්‍රතිකර්මයක් කොත්තමල්ලි.
‍කොත්තමල්ලි විතරක් නෙමේ වෛරස සුව කරන්න පුළුවන් ආයුර්වේද ඖෂධ තියනවා.
සාමාන්‍ය රෝග ලක්ෂණ තියන අවස්ථාවල දී කොත්තමල්ලි/ ඉගුරු/ ගම්මිරිස් වැනි වාත/ කඵ දෝෂ මැඩපවත්වන ඖෂධ භාවිතය සුදුසුයි.
ඒ වගේම උණ රෝග තියන රෝගීන්ට සැහැල්ලු ආහාර පාන දිරවීමට පහසු ආහාර පාන ලබා ගත යුතුයි.
කැඳ වර්ග (ලුණු කැඳ වැනි දෑ නිතර භාවිතය)
මඳ උණුසුම් ජලය පානය නිතර එළවළු පළතුරු වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම.
දිරවීමට අපහසු බත් වර්ග වගේම පිටි, තෙල් සහිත ආහාර නොගැනීමට වෛද්‍ය උපදෙස් ලබා දෙනවා.
ඒ වගේම මේ රෝගය පුර්ණ සුවය ලබා ගැනීමට ඖෂධ වගේම යහපත් මානසික සුවයත් වැදගත්.
අපේ රෝහල් වලට එන රෝගීන්ගෙන් බොහොමයක් අපි දකිනවා. මානසික කඩා වැටිමක් එක්ක තමයි රෝහල් ගත වෙන්නේ.

හිතේ තියන මානසික පීඩනය නිසා රෝගයට අමතරව රෝග ලක්ෂණ සිරුර තුළ මතුවෙනවා. උදාහරණ විදියට හෝමෝන වෙනස්කම්, නාඩි වේගය වැඩිවීම වැනි ලක්ෂණ බොහොමයක් මතුවෙනවා. සිරුර තුළ තියන ස්වභාවික ප්‍රතිශක්ති ක්‍රියාවලියට බාධාවක් වෙනවා මානසික ආතතිය.

පළමු දෙය තමයි රෝගය සම්බන්ධ අනිසි බිය නැති කරගැනීම. ඒ සඳහා අපේ ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ යහපත් මනසක් ගොඩනගා ගැනීමට අපි වැඩපිළිවෙළක් ද කරනවා. ඖෂධ ලබා දීමට අමතරව. 

මම සේවය කරන්නේ කුරුණෑගල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය වගේම නාරම්මල රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවය ලබා දෙනවා. අපි සියලුම රෝගීන්ට ලබා දෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර පමණයි.

රෝගියාගේ ඔක්සිජන් මට්ටම, උණ බලනවා, රුධිර පීඩනය බලනවා, නාඩි වාර ගණන බැලීම වැනි ප්‍රධානව පරික්ෂා කරලා ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙනවා. නිව්මෝනියා තත්ත්වයට පත්වීම අඩු වෙනවා වගේම නිව්මෝනියා රෝගී තත්ත්වයට පත්වීම බොහොම අඩුයි.
Covid රෝගීන් සඳහාම අපි ලංකාවේ ආයුර්වේද රෝහල් 30ක් මධ්‍යස්ථාන බවට පත් කරලා තියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධව යන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ.

Turmeric powder,Turmeric in Mortar Grinder drugs and ingredient herbs on wooden background

1990 ක්ෂණික දුරකතන අංකයට ඇමතු විට ආයුර්වේද රෝහලකට එන්න පුළුවන් අවස්ථාව තියනවා.

රෝහලට ඇතුළු වූ පසු සම්පුර්ණ සුව වී නිවසට යද්දී රෝග සම්බන්ධ අදාළ පත්‍රිකාවකුත් අපි ලබා දෙනවා.
යහපත් සෞඛ්‍ය පුරුදු වගේම නිවැරදි ඖෂධ ලබා ගැනීම හරහා 99% ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය තුළින් පුර්ණ සුවය ලබා ගැනීමට හැකියාව තියනවා.

කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version