මුල් පිටුව COVID සමාජ මාධ්‍යවල යන බෙහෙත් වට්ටෝරු ගන්නේ ප්‍රවේශමෙන්

සමාජ මාධ්‍යවල යන බෙහෙත් වට්ටෝරු ගන්නේ ප්‍රවේශමෙන්

0

දේශීය ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ගත් කොවිඩ් රෝගීන්ගෙන් කිසිදු මරණයක් සිදුවී නැතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසයි.

අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ්- 19 වසංගතයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර යන මැයින් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ් ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගීන් 3820කින් 2843 ක් කිසිදු සංකූලතාවයකින් තොරව පූර්ණ සුවය ලබා නිවෙස් කරා පිටව ගොස් ඇති බවයි.

ආයුර්වේද රෝහල් පද්ධතියේ ඇදන් වලින් 48%ක් කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන්කර ඇතැයිද ඔහු කියා සිටියේය.

නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය හා ලංකාවේ පළාත් සභා 09ම ආවරණය වන පරිදි රෝහල් පද්ධතියේ පහසුකම් සහිත රෝහල් සඳහා කොවිඩ් රෝගීන් ඇතුළත් කරගෙන ප්‍රතිකාර ලබාදී ඉතා ඉක්මණින් සුවකර නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් මේ වන විට අරඹා ඇත.

ප්‍රජා සෞඛ්‍ය සේවාව හරහා කොවිඩ් නිවාරණය සඳහා වඩාත් අවධානය යොමු කරමින් ලංකාව පුරා සිටින ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දහසකට වැඩි පිරිසක් යුහුසුළුව නිවාරණ කටයුතු කරන බවද,දින දහයක් රෝහල්ගත වීමෙන් පසු ඇතිවන සංකූලතාවලට පශ්චාත් ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගන්නා බවද ඔහු පැවසුවේය.

රෝහල්වල ඇදන් 1033ක් වෙන්කර ඇතැයි ද ඊයේ (10 ) රාත්‍රිය වන විට රෝගීන් 835 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිට ඇතැයිද අඛණ්ඩව ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීම ද සිදුවන බව කොමසාරිවරයා පැවසිය.

තවද සමාජ මාධ්‍යවල සඳහන් වන ඖෂධ වට්ටෝරු භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසයි.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version