මුල් පිටුව දේශීය පුවත් සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

0

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ගුරු සංගම් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

ඒ අනුව ගුරුවරුන් විසින් ආරම්භකර ඇති ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.

ගුරුවරු මුලින්ම ඔන්ලයින් ඉගැන්වීම වර්ජනය කරන්නේ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීමකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිරෝධායනයට යොමුකිරීමට එරෙහිවය. ඒ මහතාව නිදහස්කරන ලෙස බලකරමින් ඉකුත් 12 වෙනිදා සිට කළ මෙම විරෝධය ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් වීමෙන් අනතුරුව නිමාවේ යැයි අපේක්ෂා කළද අදටත් එම වර්ජනය අවසන් වී නැත. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් දැන් ඔවුන්ගේ වර්ජනයට මුල්වී තිබේ.

ඔන්ලයින් ඉගැන්වීම් සමස්ත පාසල් පද්ධතියේම ගුරුවරු වර්ජනය නොකලත් අද වන විට එම පාසල්වල ගුරුවරුන්ද ඔන්ලයින් ඉගැන්වීම් අතහැර දමා ඇත. මෙවන් තත්වයක් මත අධ්‍යාපන ඇමතිවරයා ගුරු සංගම් සමග අද පෙරවරුවේදී සාකච්ඡාවක නිරත විය. එහෙත් එය අසාර්ථක සාකච්ඡාවක් වූ බව මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version