මුල් පිටුව උණුසුම් පුවත් නිරෝධායයනයට ගුරුවරුන් ගෙනගියාට යුරෝපා සංගමයට පැමිණිල්ලක්

නිරෝධායයනයට ගුරුවරුන් ගෙනගියාට යුරෝපා සංගමයට පැමිණිල්ලක්

0

අංජනා මල්ලවාරච්චි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීම පිළිබඳව ලංකා ගුරු සංගමය අද යුරෝපා සංගමයේ මානව හිමිකම් කොමසාරිස් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව සිසු ජන ව්‍යාපාරය කැඳවා තිබූ උද්ඝෝෂණයට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින් අනීතික ලෙස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර තිබෙන බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

නිරෝධායන නීතිවලට මුවාවී අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම අධිකරණයෙන් ඇප මත නිදහස් කළ පිරිස අධිකරණ භූමියෙන් පිටතට පැමිණ සිටියදී ගේට්ටුව හරස් කර බලහත්කාරයෙන් බස් රථවල නංවා ගැනීම පිළිබඳ තොරතුරු ලංකා ගුරු සංගමය යුරෝපා කවුන්සිලයේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version