තවත්

    රාජ්‍ය ඇමති සමඟ අර්බුදයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

    0

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    විෂය භාර අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමග කටයුතු කිරීමට නොහැකි නිසා තමන් ඉල්ලා අස්වන බවයි.

    මොරටු සරසවියට වැඩිපුර සිසුන් ගන්න බෑ – ආචාර්ය සංගමය

    0

    අංජනා මල්ලවආරච්චි

    මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් කළ යුතු නියමිත ශිෂ්‍ය ප්‍රමාණය ඉක්මවා වැඩිපුර සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කර ගන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති දැනුම් දීම ප්‍රතික්ෂේප කරන බව මොරටුව විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ජේ.ඊ.සමරවික්‍රම මහතා කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    මොරටුව විශ්ව විද්‍යාලයට එක් වර්ෂයක දී සිසුන් 1758 ක් ඇතුලත් කරගන්නා නමුත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම ප්‍රමාණය සියයට 34 කින් ඉහළ නංවා මෙවර සිසුන් 2363 ක් බඳවා ගන්නා ලෙස දැනුම් දී තිබෙන බවද සභාපතිවරයා කීය.

    අවම පහසුකම් යටතේ එවැනි වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවා ගැනීමට නොහැකි අතර ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වන බව ද බවද ආචාර්ය සමරවික්‍රම මහතා කීය.

    කොළඹ කොටුවේ බැංකුවක කොවිඩ් පොකුරක්

    0

    අංජනා මල්ලවආරච්චි

    කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක සේවය කරන සේවකයින් 44 දෙනෙකුට covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

    එම බැංකු සේවකයින්ට අවස්ථා කිහිපයකදී සිදු කළ පී සී ආර් පරීක්ෂණවලදී එම රෝගීන් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

    එම ආසාදිතයින් මේ වනවිට රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කළ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

    බිරිඳ, සැමියා හරි හැටි හඳුනා ගනිමු

    “ඕනෑම මානව සම්බන්ධයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි. නමුත් තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, ඔවුන් එකට වාඩි වී කතා කරන්නේ හෝ අනෙකාට සවන් දෙන්නේ නැත. ඔවුන් රඟහලට යයි, සිනමා ශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි. නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ  යෙදෙන්නේ නැත. අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම් නැවතත් ගිනිමැලයක් වටා රණකාමි කතා කියන අතීතයකට යන්නට සිදු වේවි.”

    ශ්‍රේෂ්ඨ බ්‍රසීලියානු කතුවර පවුලෝ කොහියෝ විසින් වසර ගණනාවකට පෙර සිදුකර ඇති මෙම ප්‍රකාශය වර්තමානයටත් වලංගු වන අතර වර්තමානයේ මෙම ප්‍රකාශයහි තීව්‍රතාවය ජංගම දුරකථන හා පරිඝණක මෙන් ම අන්තර්ජාල භාවිතයත් සමග වඩාත් වැඩි දියුණු වූ තත්වයකට පත්වී ඇති බව හඳුනා ගැනීමට පුළුවන. මානව සම්බන්ධතා වල පදනම වන්නේ සන්නිවේදනයයි.

    පුද්ගලයන් හෝ පවුලේ සාමාජිකයින්, සැමියා බිරිඳ, දෙමාපියන් හා දරුවන් අතර ගොඩ නැගෙන සන්නිවේදනය තුළින් යහපත් සබඳතා ඇතිවීම හා ඒවායේ ශක්තිමත් භාවයවැඩි දියුණු කර ගැනීමක් සිදු වේ.

    මෙම යහපත් සබඳතාවයන් ප්‍රීතිමත් හා සාර්ථක ජීවිතයකටමග පාදන අතරඒ තුළින් ප්‍රීතිමත් සමාජයක් ගොඩ නැගීම සඳහා මංපෙත් විවර කෙරේ. සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුල තුළ ඇති සමගිය, සාමදානය හා ප්‍රීතිමත් භාවය තුළින් එම පවුලේ සුභසාධනය මෙන්ම සමාජ සුබසාධනයට ද මඟ පෙන්වයි.

    සමාජ විද්‍යානුකූල ඇසින් බැලුවහොත් පවුල යනු “දරුවන් ඇති දැඩි කරගෙන ආර්ථික සහයෝගීතාවක් පවත්වාගෙන යමින් එක් නිවසක එකට වාසය කරන විවාහක යුවළක් හෝ ඥාතීන් සමූහයක්” යනුවෙන් සරලව අරුත් ගැන්විය හැකි ය. පවුලේ කාර්යභාරය වශයෙන්,

    • ජීව විද්‍යාත්මක කාර්‍යන්
    • ආර්ථික කාර්‍යයන්
    • සංස්කෘතික කාර්යයන්
    • මනෝ විද්‍යාත්මක කාර්යයන්

    මූලික වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. මූලික වශයෙන් ම විවාහයක් පදනම් කරගනිමින් පවුල බිහිවන බව මෙම නිර්වචනයට අනුව සරලව හඳුනා ගැනීමට හැකි වන අතරම පවුලේ සැමියා හා බිරිඳ ට එම පවුල තුළ විශාල කාර්ය භාරයක් සහ තත්ත්වයක් පවතින බව වැඩිදුරටත් හඳුනා ගැනීමට හැකිවේ. පුරුෂයකු හා ගැහැනියක අතර ඇතිවනවන නීත්‍යානුකූල ලෙස ලිංගික සබඳතා ඇති කිරීමේ නෛතික ගිවිසුමක් වශයෙන් සමාජ විද්‍යාත්මක ඇසින් විවාහය යන්න නිර්වචනය කිරීමට පුළුවන. එසේ පුරුෂයකු හා කාන්තාවක් මූලික වෙමින් ආරම්භ කරන පවුල පසු කාලීනව දරුවන් ලැබීම තුළින් තවදුරටත් විකාශනය වේ. මානව පරිණාම ක්‍රියාවලිය තුළ දී පවුල තුළ පුරුෂයාගේ කාර්යභාරය වී ඇත්තේ පවුල සඳහා ඉපයීම වන අතර වන අතරගැහැණිය රැස්කිරීම, ආරක්ෂා කිරීම වැනි කාර්යභාරයන් සිදු කොට ඇත. පුරුෂයා විසින් සතුන් හඹාගොස් දඩයම් කොටඇති අතර ගැහැනියගේ   කාර්ය භාරය වී ඇත්තේ තම දරුවන් ආරක්ෂා කර ගනිමින්, ආහාර පිසිමින්, පරිසරයෙහි ඇති දේ රැස් කිරීමයි.

    වසර දහස් ගණනක් කාලයේ ඇවෑමෙන් හෝමෝ සේපියන්ස් මානවයා බවට පරිවර්තනය වී ඉතා සංකීර්ණහා දියුණු සමාජ රටාවක ට අවතීර්ණ වී සිටින, වර්තමානයේ පවුල තුළ ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන් හාත් පසින් වෙනස් වී ඇති බවක් නිරීක්ෂණයවන අතර මෙම සංකීර්ණත්වය තුළින් ස්ත්‍රී  පුරුෂ භූමිකාව විශාල වශයෙන් පරිවර්තනයකට ලක් වී ඇති බව අධ්‍යයනය කළ හැකි වේ.

    තාක්ෂණික දියුණුවේ ඉහළම තලයක් දැකගැනීමට හැකි වර්තමානයේ දී මානව සම්බන්ධතාවයන්ට පත් වී ඇති ඉරණම ඉතා දුක්ඛ දායක වේ. පවුලේ සැමියා බිරිඳඅතර සිදුවී ඇති කාර්යභාර ඝට්ටනය හා අනෙකුත් මානව, සමාජයීය හේතු නිසා පවුල් සබඳතා දුර්වල වී ඇති අතර එකිනෙකා තේරුම් නොගැනීම හා අවබෝධ කර නොගැනීම ඊට ප්‍රධානතම හේතුවක් බවට පත් වී ඇත.

    ස්ත්‍රිය හා පුරුෂයා ගේ ශාරීරික සැකැස්ම හා මනෝ භාවයන් මෙන්ම සමහර ජීව විද්‍යාත්මක ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස් වීම මීට ප්‍රධානම හේතුව වනඅතර  ඒ පිළිබඳ ව මූලික අවබෝධයක් නොතිබීම තුළින් ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවුල් ජීවිත ගත කිරීමේ දී ඉතා විශාල ගැටුම්කාරී තත්වයන් ඇතිවන බව පැහැදිලි කරුණකි.

    ගැහැනිය සහ පිරිමියා අතර විද්‍යාත්මක වශයෙන් පවතින වෙනස්කම් රාශියකි. මෙම වෙනස්කම් පිළිබඳවගැහැණිය සහ පිරිමියා අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත ගැටුම් ඇති වන්නේද, නැද්ද යන්න තීරණය වේ. ඉතා සරලව පවසන්නේ නම් ස්ත්‍රිය හා පුරුෂයකු අතර පවතින අන්‍යෝන්‍ය වෙනස්කම් හඳුනා නොගැනීම හා අවබෝධ කර ගැනීමට ඇති අපොහොසත් භාවය හේතු කොට ගනිමින් බොහෝ අවස්ථා වලදී එම  ගැටළු, දුරදිග ගිය පවුල් ආරවුල් වශයෙන් වැඩි දියුණු  වී විවාහය දික්කසාදයකින් කෙළවර වන අවස්ථා සුලබ බව නිරීක්ෂණය කර ගැනීමට පුළුවන.

    ගැහැණුන් උපතින්ම සංවේදතාවය වැඩි කොට්ඨාශයකි. ඒ පිළිබඳව සිදු කොට ඇති පර්යේෂණ මඟින් මඟින් හෙළි වී ඇත්තේ පංච ඉන්ද්‍රියන් ඇසුරෙන් ලබන සංවේදනයන් ගෙන් ගැහැනිය පිරිමියා අභිබවන බවයි. දෘෂ්ටිය සම්බන්ධයෙන් සලකා බලතොත්, ගැහැනිය ගේ දෘෂ්ටි පරාසය පුරුෂයාට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු කොටගෙන ඇත.

    ගැහැණියට එකවර අංශක 180 ක පුළුල් පරාසයක් දැකීමට පුළුවන. සැමියාට එකවර සොයා ගත නොහැකිව කෑ ගසමින් සිටින, ලාච්චුවක හෝ රාක්කයක් මත ඇති යතුරු කැරැල්ලක් බිරිඳ විසින් එකවර සොයා ගන්නේඑම හේතුවෙනි. “ගැහැනුන්ට පස්සෙත් ඇස් තියෙනවා” යන ප්‍රසිද්ධ කියමන ගොඩ නැගී ඇත්තේ මෙවැනි කාරණා ඇසුරෙන් වීමට පුළුවන.

    ඇසේ සැකැස්ම වශයෙන් ගතහොත් පිරිමියාගේ ඇස් ගැහැණුන්ගේ ඇස්වලට වඩා මදක් විශාල වුවද, පිරිමි ඇසේ දෘෂ්ටි විතානය සැකසී ඇත්තේ අතීත දඩයක්කාරයාට තම ගොදුර දෙස එක එල්ලේ බලා, හඹා ගොස් දඩයම් කර ගැනීම සඳහා අවශ්‍ය වූ පරිදි තනිකෙලින් එක එල්ලේ ඈත බැලීම සඳහාය. මේ පිළිබඳව පර්යේෂණයන් මගින් ද තහවුරු කොට ඇත.

    පාර මාරු වීමේ දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ කෙරී ඇති පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ පාර මාරු වීමේදී ගැහැනුන්ට සාපේක්ෂව දෙගුණයකින් පිරිමින් අනතුරට ලක් වී ඇති බවයි. එවැනි අවදානමක් පිරිමින්ට ලැබී ඇත්තේ එකවර අවට වටපිටාව දැකීමේ හැකියාව සීමා සහිත වීම හේතු කොට ගෙන ය. පුරුෂයා “වෙනත් ස්ත්‍රීන් දෙස බලන්නේ ය” යන දෝෂාරෝපණයට නිරන්තරයෙන් ලක් වෙන්නේ ද මෙම හේතුව නිසා ම ය.

    පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන් ඊට සමාන චෝදනාවක් ද ලක් නොවන්නේ ගැහැණු පිරිමින් දෙස හොරෙන් නොබලන නිසා නොව, ගැහැනුන් පිරිමින් මෙන් එක එල්ලේ යමක් දෙස නොබලන බැවිනි. පිරිමියා අතීත දඩයක්කාරයා මෙන් නිශ්චිතව දෑස් එල්ල කොටඑක එල්ලේ යමක් දෙස බැලීම හේතුවෙන් නිරතුරු ව මෙම චෝදනාවට ලක් වේ.

    දෘෂ්ටියට අමතරව ගැහැනුන්ට පුළුල් පරාසයක වර්ණාවලියක් දැකීමේ හැකියාවක් පවතී. ගැහැනියගේ ක්‍රෝමසෝමනිර්මාණය වී ඇත්තේ ‘xx’ වශයෙන් වෙන අතර පුරුශයාගේ එය ‘xy’ වේ. ඇස් වලටවර්ණ දැකීමේ සෛල ලබාදෙන්නේ ‘x’ නැමැති ක්‍රෝමසෝම ය තුළිනි. කාන්තාවට මෙම  ‘x’ ක්‍රෝමසෝම දෙකක් පිහිටීම නිසාකාන්තාවට ස්වභාවයෙන්ම වර්ණ පුළුල් පරාසයකින් යුතු හඳුනා ගැනීමට පුළුවන.

     පිරිමියා බොහෝවිට සමත් වන්නේ නිල්, කොළ, රතු වැනි මූලික වර්ණ පමණක් හඳුනා ගැනීමට වන අතර ගැහැනිය එකම වර්ණයක් තුළ විවිධාකාර පරාසයන් හඳුනා ගැනීමට සමත් වේ. නිල් පැහැය තුල ඇති අහස් නිල, මොනර නිල වැනි ප්‍රභේද කාන්තාවන්ට හදුනා ගත හැකි වන්නේ ඉහත කී ලක්ෂණය හේතුවෙන් වන අතර ස්වාමි පුරුෂයා බිරිඳ විසින් පවසන වර්ණයක ඇඳුමක් හෝ වෙනත් භාණ්ඩයක් එම වර්ණයෙන් ම තෝරාගෙන ඒමට අසමත් වන්නේ මෙම හේතුව නිසා වෙනි.

    මීට අමතරව පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි ගැහැණුන් ගේ කන් ඇසීම පිරිමින්ට වඩා තීව්‍ර වන අතර උච්චාරණය ඉහළ පහළ බව ක්ෂණිකව හඳුනා ගැනීම ව හඳුනා ගැනීමට හැකියාව ඇත.  රාත්‍රියේ දරුවා නින්දෙන් ඇහැරී කෙඳිරි ගාන විටම පියාට පෙර මව අවදි වන්නේ ගැහැණුන් සතු තීව්‍ර ශ්‍රවන හැකියාව හේතුවෙනි. එසේම ගඳ සුවඳ හා රස දැනීමේ සීඝ්‍රතාවයද  පුරුෂයන්ට වඩා කාන්තාවන් ට වැඩි බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. මෙම කාය ජීව වෙනස්කම් නිසා නිවසේ රූපවාහිනියේ ශබ්දය වැඩි වීම නිසා සැමියා, බිරිද අතර ඇතිවන ගැටළු සේම ස්වාමියා විසින් බිරිඳ සමග  එදිනෙදා සිදුකෙරෙන සංවාද වලදී තම කටහඬ උස පහත්කිරීමේ විලාසය කරණ කොට ගනිමින් ඇතිවන ගැටුම් අස්වභාවික ඒවා නොවන බවත් හුදු ජීව විද්‍යාත්මක වෙනස් කම් තුලින් පැන නගින ඒවා පමණක් බවත් අවබෝධ කරගැනීමෙන් පවූල් තුල ඇතිවන ගැටළු අවම වනු ඇත.

    ගැහැනුන්ගේ සම පුරුෂයන්ට සාපේක්ෂව තුනී වන අතර සමේ සංවේදීතාවය අතින් බැලුවොත් පුරුෂයාගේ සමට වඩා දස ගුණයකින් ඇල්ලීමට තෙරපීමට හා ස්පර්ශයට සංවේදී වේ. කුඩා ගැහැනු දරුවන් තමාව ඇල්ලීමට, අතපත ගෑමට හා සිප ගැනීමට ඉතාම කැමැත්තක් දැක්වුවත් කුඩා පිරිමි ළමයින් එසේ කිරීමට අකමැති වන්නේ මේ හේතුව නිසාවෙනි. වැඩිහිටි කාන්තාවන් ද  තම ස්වාමි පුරුෂයාගෙන් හෝ ප්‍රේමවන්තයාගෙන් වැලඳගැනීම්, සිප ගැනීම් හෝ ස්පර්ශ කිරීම් සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ මෙම කරුණු හේතුවෙනි.

    එසේ ප්‍රමාණවත් පරිදි තම සහකරුවා ගෙන් ස්පර්ශයන් නොලැබී යන විට කාන්තාව, පුරුෂයා තමන්ව ‘ගණන් නොගනී’, ‘ආදරය නොකරයි’, ‘අවධානයක් නොදක්වයි’ යනුවෙන් වැරදි නිගමන නිගමන වලට එළඹේ. කාන්තාවන් ගේ සිත දිනා ගැනීමට නම් මෙම කාරණය පුරුෂ පක්ෂය විසින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය.

    සන්නිවේදන හැකියාව පිළිබඳ සලකා බැලුවහොත් කාන්තාවන් සිටින්නේ පුරුෂයන්ට වඩා ඉහළ මට්ටමක වේ. පර්යේෂණ වලින් හෙලිවී ඇති අන්දමට කාන්තාවක් දිනකට සාමාන්‍යයෙන් වචන විසි දාහක් (20000) පමණ කතා කරනු ලැබේ. වචන, ශබ්ද හා අංග චලන මීට ඇතුළත් ය. පුරුෂයන් මින් හරි අඩකට වත් ළඟා නොවන අතර සංඛ්‍යාත්මක ව බැලුවොත් පුරුෂයකු විසින් දිනකට සාමාන්‍යයෙන් කතා කරනු ලබන වචන සංඛ්‍යාව වචන හත් දහසක් (7000) පමණ වේ. දවස අවසානයේ රැකියාවට ගොස් පැමිණි පසු, දහවල් කාලයේදී කාර්යාලයේ හෝ අතර මගදී පිරිමියා විසින් තමාගේ වචන 7000 කතා කොට අවසාන තිබුණේ නම් ඔහුට අවශ්‍ය වන්නේ නිවසට පැමිණ විවේකීව නිශ්ශබ්දව සිටීමටය.

     ගැහැනියගේ වචන විසිදාහ යම් හෙයකින් කතා කොට අවසන්ව නොතිබුණේ නම් ගැහැණියට අවශ්‍ය පිරිමියා හා දොඩමලු වීමට ය. ඇගේ දවසේ ඉතිරි වචන සියල්ල පැවසීමට අවශ්‍ය වනු ඇත. තමාගේ වචන කෝටාව අවසන් කළ පිරිමියාට මෙය මහත් හිසරදයක් වනු ඇත. ඔහුගේ වචන සීමාව මේ වන විටත් අවසන් ව ඇති බැවින් පිරිමියා විසින් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ බිරිඳ විසින් කරනු ලබන කතාවට නිහඬව සවන් දීමයි. මෙම නිහඬතාවය බිරිඳ විසින් දකින්නේ තමා ගණන් නොගැනීමක් හෝ ආදරය නොකිරීමක් ලෙස ය. ගැහැනුන්ගේ දවස අවසානයේ මෙබඳු කථාවන් පිරිමියා දකින්නේ අඳෝනාවක්, කන්කරච්චලයක් ලෙසය. මෙම ගැටලුව වෙනත් දුරදිග ගිය විශාල ආරවුලක් දක්වා ගමන් කළ හැකි අතර මේ පිළිබඳව නිසි අවබෝධයකින් සිටි නම් සන්නිවේදන වෙනස හේතුවෙන් ඇතිවෙන ගැටළු සහගත තත්වයන් අවම කර ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන් ම තමා ගේ කතාවට සවන් දීම හැර තම සැමියා විසින් කතාවේ ගැටළු වලට විසඳුම් ලබා දීම හෝ ඊට ප්‍රතිචාර දැක්වීමක් අපේක්ෂා නොකෙරෙන බැවින් බිරිඳට සවන් දීම තුළින් පමණක් තම සැමියා තමා ට අවධානය යොමු කරන බව අවබෝධ වන අතර ඉන් ඇය සතුටට පත් වේ. හොඳ සවන් දෙන්නෙකු වීම යුග දිවියේ සාර්ථකත්වයට නො වරදින රහසකි.

    අවකාශමය හැකියාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ගැහැණියට වඩා පුරුෂයා ඉදිරියෙන් සිටී. අවකාශ මේ හැකියාව යනුවෙන් හඳුන් වන්නේ අවට පරිසරය, හිස් අවකාශයක් මනෝමය වශයෙන් පරිකල්පනය කිරීමේ හැකියාවයි. ගැහැණුන්ට වඩා පිරිමින් ගේ අවකාශ හැකියාව වඩාත් පුළුල් වන අතර ඊට හේතු වන්නේ ගැහැණු මොලයේ හා පිරිමි මොලයේ සැකැස්ම වෙනස් වීමයි.

    ඓතිහාසිකමය වර්ධනය අනුව ඉතා දිගු කාලයක් කෑම සොයා ඔබ මොබ හැසිරුණු දඩයක්කාරයාගේ චරිත රඟ පෑ පුරුෂයා ආහාර හා ගොදුරු සොයා බාහිර පරිසරය තුළ තුල ඔබ මොබ හැසිරීමත් සමග තමන්ගේ අවකාශ හඳුනා ගැනීමේ හැකියාව දියුණු හා තියුණු බවට පත් කර ගත් අතර, තම ගල්ගෙය හෝ නිවස හා දරුවන් රැක බලා ගනිමින්කෑම බීම පිසිමින්එක් තැනක රැඳෙමින් ‘රැකබලා ගන්නීය’ ගේ චරිතය රඟපෑ ගැහැණිය දරුවන් හා සැමියා සමග නිවස තුළ අවකාශයකට කොටු වී, අවකාශ සබඳතාවන් සීමා වීම තුළින් පරිණාමික ව මෙම තත්ත්වයට පත් වී ඇති බව අධ්‍යනයන් මගින් හෙළිදරව් වී ඇත. පිරිමියාගේ දකුණු මොළයේ ඉදිරිපස ස්ථාන හතරක හා වම් මොළයේ යම් වශයෙන් අවකාශ හැකියා කලාපයන් ස්ථිරවම පිහිටා තිබෙන බැවින් ස්ත්‍රියට සාපේක්ෂව පුරුෂයාගේ අවකාශ හැකියාව වැඩි වන අතර මේ තුළින් තුළින් පිරිමියා ත්‍රිමාණ දෘෂ්ටියක් හිමිකර ගනියි.

    පිරිමියා හා සාපේක්ෂව බලන විට ගැහැනියගේ මොළයේ වම් පස හා දකුණු අර්ධ ගෝල දෙකෙහිම නිශ්චිත නොවන සුළු වශයෙන් අවකාශ හැකියාවන් පිහිටා ඇති බව හඳුනා ගත හැකි අතරඑම හේතුව නිසා ගැහැනුන්ට  හිමිවන්නේ ද්විමාන දෘෂ්ටියකි. මේ හේතුව නිසා මගසලකුණු සහිත ව යම් ස්ථානයකට යන පාර කීම, සිතියම් කියවීම හා වරක් ගිය ස්ථානයකට නැවත නිවැරදිව මග සොයා ගෙන යාම වැනි කාර්යයන් ස්ත්‍රීන්ට අපහසුය. සිතියමක් කියවීමේ දී ද්විමාන රූප සංජානනය සහිත කාන්තාවගේ අවධානය යොමු වන්නේ යොමු වන්නේ සිතියමේ ඇති වර්ණයන්, රූප හෝ සලකුණු කෙරෙහි ය. නමුත් ත්‍රිමාණ රූපී සංජානනීය හැකියාව සහිත පුරුෂයා විසින් ස්ථානය, දිශාව හා අනෙකුත් ලක්ෂණයන් තුළින් නිවැරදිව සිතියම කියවීමට සමත්ය. පිරිමින් හා සාපේක්ෂව ප්‍රබල සංජානනයක් පෙන්නුම් කිරීමට සමත්වන්නේ කාන්තාවන්ගෙන් 10% පමණක් බව පර්යේෂණ මඟින් හෙළිදරව් කරගෙන ඇත.

    ගැහැණු මොළයේ සහ පිරිමි මොළය ක්‍රියාත්මක වන්නේ ආකාර දෙකකට ය. ගැහැනු මොළයේ බහු මාර්ගික (Multitracked) ය. ඒ මගින් එක් වරකට අදහස් එකකට වඩා කිහිපයක් නිකුත් කල හැකි අතර කතාකරන අතරතුර ම සවන්දීම ද සිදු කිරීමට කාන්තාවන්ට පුළුවන. නමුත් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි මොළය ඒක මාර්ගික (Single-tracked) වේ. එක් වරකට ප්‍රකාශ කළ හැක්කේ එක් අදහසක් පමණි. කතා කරන අතරතුර සවන්දීමේ හැකියාව පුරුෂයන්ට නොමැත. පිරිමින්ගේ වාක්‍ය කෙටි වන අතර සරල අදහස් හා ඍජු ප්‍රකාශනයක් ඇත. ගැහැනුන්ගේ වාක්‍ය දිගු වන අතර, අදහස් සංකීර්ණ ය. මිශ්‍ර අදහස් ඇති අතර භාෂණය වක්‍රාකාර වේ. උදාහරණයක් වශයෙන් ගතහොත්-වාහනයක ගමන් ගන්නා අතර තුර බිරිඳ විසින් තම ස්වාමිපුරුෂයා ගෙන් “ඔයාට තිබහයිද ?” යනුවෙන් අසයි. වාහනය පැදවීමේ අවධානයෙන් සිටින සැමියා විසින් තමාට තිබහ නොමැති බව පවසයි.

    ටික වෙලාවක් යන විට බිරිඳගේ මුහුණ වෙනස් වී කතාව අඩු වී ගොස් පසුව “පුතේ, බස් එකේ යනවා වගේ නේද ගමන ?” යනාදී වශයෙන් ඇනුම්පද පිට වෙයි. කිසිවක් නොතේරුණු සැමියා අන්ද මන්ද වන අතර මෙම වචන හුවමාරුව දුර දිග ගොස් විශාල රණ්ඩුවක් පවා ඇති වීමේ ඉඩ කඩ ඇත. “ඔයාට තිබහයිද ?” යනුවෙන් බිරිඳ විසින් කලින් කරන ලද ප්‍රකාශය තුලින් ඇය විසින් ඇත්තෙන් ම අදහස් කර ඇත්තේ ඇයට යමක් පානය කිරීමට ඇති අවශ්‍යතාවය හෝ ගමන මඳක් නතර වී  විඩා හැරීමේ අවශ්‍යතාවයයි.

    පිරිමියාට එය අවබෝධ කර ගැනීමට නොහැකි වන්නේ පිරිමි මොළය කෙළින් කතාව සඳහා සැකසී ඇති බැවිනි. වක්‍රාකාර කතාව පිරිමියාට නුහුරුය. එබැවින් ගැහැණුන් වක්‍රාකාරයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ඇතිවෙන ගැටුම්කාරී තත්ත්වය අඩු කර ගනිමින් යහපත් සන්නිවේදනයක් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත.

    චිත්තවේගික සංවේදී තාවය පිලිබඳ අවධානය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි චිත්තවේගික සංවේදීතාවයක් පෙන්නුම් කරන බව හඳුනා ගැනීමට පුළුවන. පිරිමින්ගේ දකුණු මොළයෙහි ස්ථාන දෙකක චිත්තවේගික කලාප සරමක් ඝනව පිහිටා ඇති අතර පිරිමියාගේ වම් මොළයෙහි චිත්තවේග කලාප පිහිටන්නේ නැත. නමුත් ගැහැණු මොළයේ වම, දකුණ යන පාර්ශ්වයන් දෙකෙහිම චිත්තවේගික සංවේදිතාව පිරිමියාට වඩා බෙහෙවින් වැඩි ය.ගැහැනුන්ට හිමි වන විශේෂිතාව වන්නේ කෝපය, ශෝකයවැනි චිත්තවේගයක් ඇති වූ විට  ඒ සමගම, ඒ පිළිබඳව තාර්කිකව කතා කිරීමේ හැකියාව ලැබීමයි.

    ගැහැනියකුට හඬමින් සිටින අතරතුරම තමන්ගේ දුක් ගැනවිල්ල සාධාරණීකරණය කරමින් තර්කානුකූලව කතා කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ගැහැනියගේ මොළයෙහි මෙම පිහිටීම නිසාවෙනි. ගැහැනුන් චිත්තවේගික වූ විට කතාවෙහි විශිෂ්ට වන අතර පිරිමියා ඊට හාත්පසින් ම වෙනස් ය. චිත්තවේගික වූ විට පිරිමියා ඉතා රළු වන අතර එවිට පිරිමියෙකු සමග හරි වැරැද්ද සාකච්ඡා කළ නොහැකි වේ. කෝපයට පත් වී සිටින පිරිමින් සමග යුක්තිය හෝ හරි වැරැද්ද පිළිබඳව කතා කිරීමට යාම නිෂ්ඵල කාර්යයක් වන්නේ පිරිමි මොලයේ සැකැස්ම අනුව පිරිමියා චිත්තවේගික වූ විට හරි වැරැද්ද, යුක්තිය අයුක්තිය නොපෙනෙන රළු පුද්ගලයකු බවට පත් වීමයි. එවිට තමා සිදුකරන දෙයහි හරි වැරැද්ද නො පෙනී යයි. බන්ධනාගාර ගත වී සිටින ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පුරුශයින් වීම මෙයට හොඳම නිදසුනකි.

    එබැවින් මෙම තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් චිත්තවේගික වූ පිරිමින් සමග ගනුදෙනු කල යුතු ආකාරය පිළිබඳව දැනුවත් ව සිටීම කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇත. එය තුළින් පවුල් ජීවිතය තුළ ඇති වන ගැටුම් අවම කර ගැනීමට හැකි වනු නොඅනුමානය.

    දඩයක්කාරයකු, ලුහුබැඳ යන්නෙකු ලෙස මෙන්ම අභියෝග ජයගන්නකු වශයෙන් ද ඓතිහාසිකව භූමිකාවක් නිරූපණය කළ පිරිමියා නිරතුරුව සාර්ථකත්වය හා ජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් වන සුළු පෞරුෂයකින් යුතු පුද්ගලයකු වන අතර, ‘රැකබලා ගන්නියක’ ලෙස ඓතිහාසික භූමිකාවක් නිරූපනය කළ ගැහැණිය පරම්පරාව ඉදිරියට ගෙන යමින්, ආරක්ෂා කරමින්, ඇති දැඩි කිරීම තමන්ගේ වගකීමක් ලෙස සලකයි. වර්තමාන සමාජයීය පවුල තුළ ස්වාමි පුරුෂයාගේ හා බිරිඳගේ භූමිකාවන් යම් මට්ටමකින් වෙනස් අතකට හැරී තිබුණ ද, සමස්තයක් වශයෙන් බහුතර පිරිමින්ගේ අදහස වන්නේ හරි හම්බ කරමින් පවුල නඩත්තු කිරීම සඳහා තමන්ගේ වැඩි දායකත්වය පවතින බවයි. බහුතර කාන්තාවන් ගේ අදහස වන්නේ තමන් හරි හම්බ කරමින්, ඒ අතරතුර ම පවුල නඩත්තු කරමින්, පවුලේ සුබසාධනය වෙනුවෙන් කැපවී සිටින බවයි.

    සත්‍ය වශයෙන්ම සලකා බැලුවහොත් මෙම මත දෙකම නිවැරදි ය. සැමියා හා බිරිද යන දෙදෙනාගේ අන්‍යොනය කැපවීම, එකිනෙකා  පිලිබඳ මනා  අවබෝධයකින් යුතු වීම  හා බැඳීම මත  පවුලේ සාර්ථකත්වය රඳා පවතී.  ස්ත්‍රීයගේත්  පුරුෂයාගේත් මනෝ විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක විෂමතාවයන් හා විශේෂිත ලක්ෂණයන් හා වෙනස් කම් පිළිබඳව එකිනෙකා අතර හොඳ අවබෝධයකින් පසු වේ නම්, සැමියා හා බිරිඳ අතර ඇති වනගැටළු අවම වී, හොඳ සන්නිවේදනයක් ගොඩනැගී, ඒ තුළින් යහපත් හා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් කරාමග පෑදෙනු ඇත.

    විජේදාසගේ පුත්‍රයා රතු සංඥාවට එරෙහිව ගිහින් අනතුර කරලා

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

    රකිත රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගැනීමට හේතු වූ රාජගිරියේ අනතුර සිදුකර ඇත්තේ රතු සංඥාව වැටී තිබියදී ඊට එරෙහිව යාමේදී බව අනාවරණය වී තිබේ.

    අනතුරට ලක්ව තුවාල ලැබූ සිව් දෙනාගෙන් එක් අයෙකු ගැබිණි කාන්තාවක බවද පොලිසිය පැවසීය.

    අනතුර සිදු වීමෙන් පසු අනෙක් වාහනේ සිටි සිව් දෙනා රෝහල් ගත කර ඇති අතර රකිත රාජපක්ෂ මහතා මහතාද පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත.

    මැයි දින රැළි පෙළපාලි අත්හිටුවයි

    0

    මෙවර මැයි දිනය නිමිත්තෙන්‌
    පැවැත්වෙන සියලුම රැළි පෙළපාලි හෝ කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    පක්‍ෂ නියෝජිතයන්‌ සමඟ අද පැවති
    හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

    කොවිඩ් රෝගීන් ගැන වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පරස්පරයි

    0

    අංජනා මල්ලවආරච්චි

    රසායනාගාර දත්තවලට අනුව මෙරට covid 19 වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති නමුත් වසංගත රෝග විද්‍යා අංශයේ ලේඛනවල ඇත්තේ ඊට වඩා අඩු සහ වැරදි අගයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

    රසායනාගාර වාර්තාවලට අනුව මෙරට කොවිඩ් රෝගීන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් තුන්වැනි දින වන බවට රවි කුමුදේශ් මහතා පැවසීය.

    මාස 8 ක පමණ කාලයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන දත්තවල පරස්පරතා තිබෙන බවද කුමුදේශ් මහතා කීය.

    covid වසංගතය පැතිරී වසරක පමණ කාලයක් ගතව ඇතත් තොරතුරු කළමනාකරණ පද්ධතිය කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කර ගැනීමට වසංගත රෝග විද්‍යා අංශයට නොහැකිවීම බරපතළ තත්වයකැයි ද රවි කුමුදේශ් මහතා කීය.

    වෛද්‍ය සභාවේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්

    0

    අංජනා මල්ලවආරච්චි

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

    ඉතා වටිනා තොරතුරු සමග එම ලිපිගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    විදේශ වෛද්‍ය විද්‍යාල සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ලිපිගොනු එලෙස අතුරුදහන් වී තිබෙන බවද ලේකම්වරයා කීය.

    විදේශ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධ තොරතුරු, ඒවායේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ තොරතුරු ආදිය එම ලිපි ගොනුවල තිබූ බවද ඔහු කීය.

    විජේදාස රාජපක්ෂගේ පුතා අත්අඩංගුවට

    0

    රාජගිරිය, වැලිකඩදී ඊයේ (20) රාත්‍රි සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

    රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

    රඛිත රාජපක්ෂ පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සමග

    ශ්‍රීලනිපයෙන් වෙනම මැයි රැළියක් – මෛත්‍රී කියයි

    0

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය කොළඹ දී වෙනම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා
    නිදහස්‌ පක්ෂ සභාපති හිටපු ජනපති
    මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    කොළඹදී පැවැති සාකච්ඡාවකින්‌
    අනතුරැව ඔහු මේ බව

    පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා
    පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම
    තීරණය ගත්‌ බවත්‌ ඔහු පැවැසීය.


    කොවිඩ් නිසා පොහොට්ටුවෙන් මෙවර මැයි පෙළපාලි නෑ රැළිය විතරයි

    0

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දින පෙළපාලි නොපවත්වා රැළිය පමණක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් අවධානය යොමු කර තිබේ.

    අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මැයි රැළිය ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට එහිදී තීරණය කළ බවයි.

    නුදුරේම දහවලට වැලි ප්‍රවාහනය තහනම්

    0

    වැලි ප්‍රවාහනය කරන ලොරි සහ ට්‍රක් රථ හේතුවෙන් සිදුවන මාර්ග අවහිරතා සහ රිය අනතුරු සැලකිල්ලට ගෙන දහවල් කාලයේ මාර්ගවල වැලි ප්‍රවාහනය නතර කිරීම කෙරෙහි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය යොමුුව තිබේ.

    එහි ආරම්භක පියවරක් ලෙස නාගරික සිමාවන් තුළ පමණක් එම සීමාවන් පැනවීමට පියවර ගැනීමට නියමිත බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ,

    ඒ සම්බන්ධව අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිත බවද ඒ සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

    “කොවිඩ් අභියෝගය ශ්‍රීලන්කන් ගුවන් සේවයට හැරවුම් ලක්ෂයක්”- සභාපති අශෝක් පතිරගේ

    0

    ගෝලීය කොරෝනා වසංගතය එක් දෘෂ්ටි කෝණයකින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වෙස්වළාගෙන ආ ආශිර්වාදයක් වූ බව එහි සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිසංස්කරණ සැලසුම්, භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමු කිරීම සහ පශ්චාත් වසංගත තත්ත්වය තුළ නැවත නැගී සිටීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඇති හැකියාව විස්තර කරමින් Routes Online වෙත සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් සභාපතිවරයා මේ අදහස් දැක්වීය.

    COVID-19 ශ්‍රී ලංකන් ගුවන් සේවයට බලපා ඇත්තේ කෙසේද?

    අනෙක් හැමතැනකටම වගේ වෙන කවරදාකටත් වඩා අපට පෙර නොවූ විරූ ආකාරයකින් එමගින් බලපෑම් එල්ල වී තිබෙනවා. ලොව පුරා ගුවන් සමාගම්වලට එය විශාල වශයෙන් බලපෑවා.

    පසුගිය වසරේ මාර්තු 20 වන දින අපගේ ගුවන්තොටුපළ (බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ) වසා දැමූ විට, අපගේ ගුවන් යානාවල කල්බදු ගෙවීම සඳහා පමණක්වත් රැකෙන ආකාරය පිළිබඳව කටයුතු කිරීම ඉතා අසීරු වුණා, එබැවින් අපි අපගේ සියලුම බදු ගිවිසුම් ආදිය ප්‍රතිව්‍යුහගත කළා.

    වසංගතය පැමිණීමට පෙර පවා, ශ්‍රීලංකන් ගුවන් සේවය මහත් පරිශ්‍රමයක් දැරුවා. රජයෙන් අපිට ලද උපදෙස වූයේ ගුවන් සේවය නැවත ලාභදායි තත්ත්වයට ගෙන ඒමයි. මාව පත්කරන ලද්දේ පසුගිය වසරේ යි. වසර දෙකක කාලයක් තුළ ලාභ ලබා ගැනීමට අපට ව්‍යාපාර සැලැස්මක් තිබුණා.

    ඒත් එක්කම වසංගතයට අපිව ගොදුරු වුණා. COVID එන්නට පෙර අප සතුව ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් තිබුණා. 2020/21 මූල්‍ය වර්ෂය සඳහා අපිට අවසන් කරන්න වෙන්නේ ඩොලර් මිලියන 300 ක් පමණයි. එබැවින් අපි අපගේ ව්‍යාපාරයෙන් 30% ක් දක්වා පහත බැස තිබෙනවා.

    මෙම අභියෝග තිබියදීත්, අපි තරමක් හෝ හොඳින් කටයුතු කර ඇති බව මම කියන්න කැමති . ලෝකයේ බොහෝ ප්‍රදේශවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් – ප්‍රධාන වශයෙන් මැද පෙරදිග, මැලේසියාව සහ අසල්වැසි රටවල රැකියාවට ගිය අයව නැවත ගෙන්වා ගනිමින් අපි මානුෂීය ගුවන් ගමන් රාශියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා.

    ඊට පස්සේ අපි තව තවත් භාණ්ඩ ප්‍රවාහන වෙළඳාමට මාරු වුණා. අපගේ අපනයන වෙනුවෙන් අප රටට සේවය කළ යුතු වුණා එහිදී, භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරයේ අවස්ථාවක් ඇති බව අපට වැටහී ගියා. මේ කාලය පුරාම අප අවධානය යොමු කර ඇත්තේ මගීන්ගේ පැත්තට පමණයි.

    රජය ද අපට සහයෝගය ලබා දුන්නා. ඔවුන් ඩොලර් මිලියන 500 ක ආධාරක පැකේජයක් නිවේදනය කළා. දෙසැම්බරයේදී අපට මෙයින් ඩොලර් මිලියන 150 ක් පමණ ලැබී තිබෙනවා. අනෙක් ඩොලර් මිලියන 350 මෙම වසරේ සහ ලබන වසරේදී අපේක්ෂා කරමු.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන සැලසුම් මොනවද?

    මේ අවුරුද්දේ පවා අපිට ඉතාම හොඳ තත්ත්වයක් ගැන පුරෝකථනය කරන්න බෑ. අපි වසර පුරා 40% ක ප්‍රකෘතියක් ලබාගැනීමේ පදනම මත අපගේ ව්‍යාපාර සැලැස්ම සිදු කරගෙන යනවා.

    රටක් වශයෙන් අපි සංචාරක ගමනාන්තයක්. වසංගතයට පෙර අපට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4 කට ආසන්න ආදායමක් ලැබුවා. අද එය ශුන්‍ය වෙලා. දැන් අපි ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් සිටිනවා. සංචාරකයින්ට දින 14 ක් බුබුලක් තුළ රැඳී සිටීමට හැකි වන පරිදි සංචාරක බුබුලු අප විසින් ප්‍රකාශයට පත් කළා. පසුව PCR පරීක්ෂණයක් කර ඕනෑම තැනකට යන්න ඉඩ සලසනවා.

    අපි යුක්රේනය, රුසියාව සහ ලෝකයේ එවැනි ප්‍රදේශවලින් යම් අවස්ථා ලැබී තිබෙනවා. නමුත් මීට පෙර අපගේ අංක එකේ සංචාරක ප්‍රභවය වූයේ ඉන්දියාවයි. මේ මොහොතේ, අපි ඉන්දියානු සංචාරකයින්ට මෙහි සංචාරය කිරීමට ඉඩ දුන්නද, ඔවුන්ගේ රජය එයට ඉඩ දෙන්නෙ නෑ. අපි ඒ සඳහා බලපෑම් කරමින් සිටිනවා. එබැවින් ඉන්දීය රජය මෙම බාධකය නැවත විවෘත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

    සංචාරකයින් සම්බන්ධයෙන් චීනය අපගේ අංක දෙක වූ අතර එරට පුරවැසියන්ටත් පිටව යාමට ඉඩ දෙන්නෙ නෑ තවමත්. අපේ රටේ දෘෂ්ටි කෝණයෙන් බලා අපි නීති රාශියක් ලිහිල් කර තිබෙනවා. ඔබ එන්නත් දෙකම ගෙන ඇත්නම්, ඔබට කොළඹට පැමිණිය හැකිය. නමුත් එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේත් සීමාවන් තිබෙනවා.

    ඉතින් මේ මොහොතේ අපි කෙසේ හෝ මෙම බාධක මැඩගැනීමට අරගල කරමින් ඉන්නේ. නමුත් මෙම ශීත ඍතුවේ නොවැම්බර් මාසයේ සිට ලොව පුරා එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමත් සමඟ අපට වඩා හොඳ තත්වයක් උදා වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි දැන් ඉන්නේ.

    ශීත කාලගුණය නිසාත් දුරස්ථ ගමනාන්ත රාශියක් අඩපණ වී ඇති හෙයින්, පශ්චාත් COVID සමය ශ්‍රී ලංකාවට නැවත ශක්තිමත් වීමට අවස්ථාවක් තිබේ යැයි ඔබ හිතනවාද?

    එක්සත් රාජධානියේ, යුරෝපයේ සහ වෙනත් ස්ථානවල නීති වෙනස් වුවහොත් ශ්‍රී ලංකාවට ද විශාල අවස්ථාවක් තිබෙන්නේ ශීත ඍතුවේ දී පමණක් නොවෙයි. උදාහරණයක් ලෙස, ඉන්දියානු සංචාරකයින් සංචාරය කිරීමට සුදානම්, ඔවුන් මාලදිවයිනට ගමන් කරනවා එය වඩා මිල අධික ගමනාන්තයකි. ශ්‍රී ලංකාවට වාසිදායක අවස්ථා පිරිනමන්න පුළුවන් වගේම සාපේක්ෂව අප බෙහෙවින් ලාභදායී. මේ සියල්ල රඳා පවතින්නේ COVID වසංගත තත්ත්වය ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මතයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත ලාභයට ගෙන ඒම පිළිබඳ ඔබ පුරෝකථනය කරන්නේ කෙසේද?

    ශ්‍රී ලංකන් ගුවන් සේවය නරක තත්ත්වයේ පැවතුණේ. COVID ට පෙර වර්ෂයට අපට ඩොලර් මිලියන 100 ක් පමණ අහිමි වුණා. එබැවින් අපගේ දෘෂ්ටිකෝණයෙන් මෙය වෙස්වළා ගැනීමේ ආශීර්වාදයක් වැනියි. සමාගම තුළ අපි බොහෝ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කළා. අපි අපගේ කාර්ය මණ්ඩලය අඩු කළා. අපි බදුකරුවන් සමඟ සාකච්ඡා කර ඇත්තෙමු. මෙම සැලසුම්වලින් අපි ඇත්ත වශයෙන්ම ඩොලර් මිලියන 100 ක් පමණ ඉතිරි කරගත්තා.

    අපි විශ්වාස කරන්නේ අපට පූර්ව COVID අවධියේ යම් ආදායමක් ලබා ගත්තා නම්, එය යළි ළඟාකර ගැනීමට හැකියි කියා.
    සමහර විට ඒ මේ වසරේ නොවූවත් එය අනිවාර්යෙන්ම ඉටුවේවි කියා. එය ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැරවුම් ලක්ෂයක් විය හැකියි.

    පශ්චාත් කොවිඩ් අවධිය තුළ ගුවන් සමාගමේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් භාණ්ඩ ප්‍රවාහනය තුළ පවතින්නේ යැයි ඔබ අපේක්ෂා කරනවා ද?

    ශ්‍රී ලංකාවට මේ වන විට කිසිදු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නෑ. ඒ නිසා අපි අපේ මගී ගුවන් යානයේ බඩු ප්‍රවාහනය කරනවා. අපි A330-200 යානය නැව් භාණ්ඩ ප්‍රවාහන සේවයක් බවට පරිවර්තනය කළා. නමුත් එය සැබෑ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නෙවෙයි.

    එබැවින් අපි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මිලදී ගැනීමට ද බලා සිටිනවා. මේ මොහොතේ අපි එය කල්බදු ක්‍රමයට ගැනීම සඳහා අපේක්ෂාවෙන් ඉන්නවා.

    ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පියාසර කරවන එමිරේට්ස් සහ කටාර් වැනි ගුවන් සමාගම් සමඟ අපට තරඟ කිරීමට සිදුවෙනවා. එබැවින් අපට විශාල අවස්ථාවක් තිබෙනවා. නොවැම්බර් මාසය වන විට සියල්ල හොඳින් සිදුවුවහොත් අපට ගුවන් යානා එකක් හෝ දෙකක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එබැවින් එම අපට එම කාල නියමයන්ට ඒ දේවල් හරියටම ලබා ගත හැකි නම් අපගේ ව්‍යාපාර සැලැස්ම සාර්ථක වෙයි.

    ප්‍රමිතිකරණය සහ ආගමික සහතික කරණය

    0

    යම්කිසි නිෂ්පාදනයක ප්‍රමිතියකට අනුකූල බව පාරිභෝගිකයාට දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය කාරණාවකි. ප්‍රමිතිකරණ ආකාර දෙකකි එකක් භාණ්ඩ හා සේවා ප්‍රමිතිකරණය, සහ පද්ධති සහතිකකරණය. අපි දන්නා ISO 9001, ISO GMP, GAP වැනි පද්ධති සහතිකකරණය තරගකාරි වෙළඳපොළ තුල බෙහෙවින් භාවිතා වේ. සමහර නිෂ්පාදනයට අදාළ පිරිවිතරයන්ට අනුකූල විය යුතු අතර, නිෂ්පාදනයේ භාවිතයේ යෝග්‍යතාවය ඊට අදාල වූ ප්‍රමිති ලාංඡනය මගින් පාරිභෝගිකයාට සන්නිවේදනය කෙරේ. සමහර නිශ්පාදනවලට අත්‍යාවශ්‍ය කාරණය ලෙස අදාල ප්‍රමිතියකට ප්‍රමිති ලාංඡනයක් ලබා තිබීම අනිවාර්යය වේ. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයක ප්‍රමිතිය සඳහා වූ ලාංඡනය වන්නේ SLS ලාංඡනය යි. එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙනු ලැබේ. ඒ පිළිබඳව වගකීම දරන්නේ ප්‍රමිති ආයතනය විසිනි. පිළිගත් ප්‍රමිතියක් සෑදෙනුයේ පාරිභෝගිකයාත්, කර්මාන්තකරුවාත් යන දෙපාර්ශවයේ ම යහ පැවැත්ම සඳහාය. ප්‍රමිතයක් නීතිගත වීමට පෙර එය කෙටුම්පත් කමිටු, ආංශික කමිටු සහ මහා මණ්ඩල යන අවස්ථා තුනකින් අනුමත විය යුතුය. මෙහිදී ප්‍රාමාණික උගතුන්, කර්මාන්තකරුවන්, විවිධාකාර නීතිගත ආයතනවල නිලධාරීන් ගෙන් සමන්විත කමිටු වලින් සකසා අනුමත කර ඇත. සමහර ප්‍රමිති අන්තර්ජාතික සංවිධාන වලින් සකසා ලොව පුරා ම එක සේ පිළිගැනීමට ලක්වන ක්‍රමවේදයක් වන අතර සමහර ප්‍රමිති දේශීය සකසා භාවිතා කරනු ලැබේ. භාණ්ඩ ප්‍රමිතිකරණය මගින් පාරිභෝගිකයාට භාණ්ඩය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන අතර, පද්ධති ප්‍රමිතිකරණයේ දී, පාරිභෝගිකයන් ආකර්ශනය කර ගත හැකි අතර ආයතනයේ ක්‍රමවේදය වඩාත් සුමට කර ගත හැකි වනවා.

    එහෙත් සමහර පද්ධති සහතිකකරණයන් ආගමික මුහුණුවර ගත් ජන කොට්ඨාස සහ සංවිධාන විසින් සිදු කරනු ලැබේ. එය බොහෝ දුරට යම් ඔවුන්ගේ විශ්වාසයක් මත සහ ඔවුන්ගේ වෙළෙඳපොළ ඉල්ලුම පරදුවට තබමින් ඔවුන්ගේ මතවාදය ප්‍රචලිත කිරීමට යොදා ගන්නා ක්‍රම වේදයකි. උදාහරණයක් ලෙස ඉස්ලාම් භක්තික මුස්ලිම් ජනවර්ගය විසින් හලාල් (halal) සහතිකකරණය, යුදෙව් ජනවර්ගය විසින් කොෂර් (kosher) සහතිකකරණය දැක්විය හැක. ඔවුන්ගේ ආගමික විශ්වාස පදනම්ව ආහාරයට ගත යුතු දේවල් පිළිබඳ යම් විශ්වාස සහ මත වාද පවතී. හලාල් ක්‍රමයේදී ආගමානුකූලව මරණ ලද සතුන් පමණක් ආහාරයට ගත යුතු අතර එසේ නොවන අවස්ථාවලදී එය හරාම් හෙවත් ආගමානුකූල නොවන ආහාරයක් බවට අල්-කුර්ආනයේ සඳහන්ව ඇත. එමෙන්ම කුර සහිත වමාරා බුදින සතුන් පමණක් අල්-කුරානයට අනුව ඔවුන්ට ආහාරයට ගත හැක. එනම් ගවයන්, එළුවන්, වැනි සතුන් ආගමානුකූලව ඝාතනය කොට ඔවුන්ට ආහාරයට ගත හැක. යුදෙව්වන්ද ඔවුන්ගේ ආගමානුකූලව එම කාණ්ඩයේ සතුන් මරා ආහාරයට ගත හැක. මීට වසර විස්සකට තිහකට පමණ පෙර හලාල් සලකුණ ලංකාවේ භාවිතා කලේ කුකුළු මස් පැකට්ටු වල පමණි. නමුත් අද වන විට ආහාරයට නොගන්නා විවිධාකාරයේ නිෂ්පාදන වල ද හලාල් සලකුණ භාවිතා කරනු ලැබේ. මෙය මූලික සිද්ධාන්ත වලින් බැහැරව යෑමකි.

    එහෙත් කොෂර් සහතිකකරණය ඉතාමත් සංවිධානාත්මක සහ සංකීර්ණ ක්‍රමවේදයට අනුව සැකසී ඇත. ක්‍රිස්තු වර්ෂ 1935 දී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ රසායනඥයෙකු වූ ඒබ්‍රහම් ගෝල්ඩ්ස්ටයින් (Abraham Goldstein) විසින් කොෂර් ක්‍රමවේදය යුදෙව් නීතිය අනුව හදුන්වා දෙනු ලැබීය. මේ වූ වර්ෂෙය වර්ෂ 1968 දී රබ්බි ලෙවි (Rabbi Levy) නැමැති ව්‍යවසායකයා විසින් ලොව පුරා ප්‍රචලිත කරන ලදී. ඔහු විසින් සාම්ප්‍රදායිකව තිබූ ආහාර සහතිකකරණයට නවමු මුහුණුවරක් ලබා දුන්නේ ය. එනම් මෙම දශක තුන තුළ ආහාර කර්මාන්තයේ භාවිතා කරන විවිධාකාර ආකලන ද්‍රව්‍ය (additives) තම සහතික කරණය තුල එක් කිරීමයි. මෙම වකවානුව වන විට ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය, රසකාරක වැනි ආකලන යෙදීම කර්මාන්තය තුළ නව ප්‍රවණතාවයක් වෙමින් පැවතින. මෙහි විශේෂත්වය වන්නේ ආහාරවලට සුළුවෙන් යොදන ascorbic අම්ලය සහ MSG වැනි ආකලන ද්‍රව්‍ය පවා සහතිකකරණය තුල සලකා බැලීමයි. මෙම ක්‍රමවේදයේ දී ස්ථානීය පරික්ෂාවන් (on-site supervision) සිදු කරන අතර ඒ සඳහා මනාව පුහුණු වූ සුපරීක්ෂක යින් ඔවුන් සතුව ඇත. මෙම ක්‍රමවේදය අනුකූල ව යමින් ඉස්ලාම් භක්තිකයන් හලාල් සහතිකකරණය මුලින්ම මස් මාංශ නිෂ්පාදන සඳහා වර්ෂ 1970 දී පමණ බටහිර රටවල අරඹන ලදී. මෙම දශකයේ දී බටහිර රටවලට සංක්‍රමණය වූ ඉස්ලාමික භක්තිකයන් මුලින්ම යුදෙව්වන් විසින් පවත්වාගෙන ගිය මස් මාංශ වෙළඳසැල්වලින් මිලදී ගත්තද, පසුව මුඛ සහ කුර රෝගය සහ පිස්සු ගව රෝගය වැනි හේතූන් මත සහතිකකරණයකට යොමුවී ඇත. කාලයත් සමග අධික සංක්‍රමණය සහ වේගයෙන් සිදු වූ ඉස්ලාම් භක්තික ජනගහන වර්ධනය හේතුවෙන් බටහිර රටවල හලාල් සහතිකකරණය වූ මාංශමය ආහාර සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවිය. මෙය ඉස්ලාම් භක්තික ජනගහන වර්ධනයට සමානුපාතිකව ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් බටහිර රටවල ක්‍රියාකාරිත්වය වැඩිවිය. ඔවුන්ගේ බලපෑම මෙන්ම ආගමික නායකයින් විසින් ජන මනස තුලට අනිසි ලෙස කාවද්දන ලද්දකි.

    ආහාරයට ගන්නා ද්‍රව්‍ය සඳහා ඇරඹි හලාල් සහතිකකරණය ඉස්ලාම් භක්තිකයන් සුළු ප්‍රමාණයක් වෙසෙන ලංකාවේ මූල්‍ය ආයතන, ආහාරයට නොගන්නා සමහර ද්‍රව්‍ය සඳහාද යොදාගනු ලැබේ. වර්ෂ 2005 වනතුරු මාංශ නිෂ්පාදන සඳහා පමණක් සීමාව තිබූ හලාල් සහතිකකරණය ලංකාවේ ජමෛයිතුල් උලමා වරුන් විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව පුළුල් ලෙස ව්‍යාප්ත කරනු ලැබින. ඔවුන් ඉස්ලාම් භක්තික අහිංසක ජනතාව දඩමීමා කරගෙන ඔවුන්ගේ පටු අරමුණු කරා ගමන් කරති. ඔවුන්ගේ දේශනා හරහා භක්තිකයන්ගේ මොළ ශෝධනය කරමින් සිතීමේ හැකියාව ලිවීමට මොටකරවන සුළු තර්ක ඉදිරිපත් කරමින් මෙම ක්‍රියා මාර්ගය ගනු ලැබිණ. තමන්ට අවනත නොවන නිෂ්පාදකයන්ට විවිධ බලපෑම් එල්ල කරමින් වර්ෂ 2005 සිට මෙම කටයුතු වල ඔවුන් යෙදෙමින් සිටියහ. රූපලාවනය නිෂ්පාදනවල සූකර තෙල් අඩංගු බවට ජන මනසට කාවැද්දූ ඔවුන් ජනතාවගේ මනස තම මතයට නම්මාගත් හ. නවසීලන්තයෙන් ගෙන්වන එක්තරා කිරිපිටි වර්ගයකට හලාල් ලකුණ ප්‍රවර්ධනය කළ ද එය අසාර්ථක වූ තැන එම පිටිකිරි වල සූකර තෙල් අඩංගු බවට ප්‍රචාරයක් යැවූහ. එක්තරා ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදක කර්මාන්ත ශාලාවකට ඔවුන්ගේ හලාල් සහතිකය ලබා දීමට කටයුතු කර බිස්කට් නිෂ්පාදන එක්තරා ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදක කර්මාන්ත ශාලාවකට ඔවුන්ගේ හලාල් සහතිකය ලබා දීමට කටයුතු කර බිස්කට් නිෂ්පාදන ක්‍රියාවලියේ බොහෝ ක්‍රමවේදයන් ඔවුන්ගේ භක්තික කර්මාන්ත කරුවෙකුට ලබාදුන් බව ප්‍රසිද්ධ රහසකි. එම සහතිකය ලබා ගැනීමේදී කර්මාන්තය සඳහා යොදාගන්නා සියළු අමුද්‍රව්‍ය හලාල් ක්‍රමවේදයට අනුකූල විය යුතුය. වෙනත් ආකාරයකට කියන්නේ නම් එනම් මොවුන් කියන්නා වූ කියන්නා වූ සැපයුම් කරුවෙකු සපයන අමුද්‍රව්‍ය කර්මාන්ත කරුවා විසින් මිලදී ගත යුතුය. ක්‍රමවේදය පරික්ෂා කරවීමට උලමාවරුන් යොදවන අනුගාමිකයන් පිරිසක් ආයතනයේ යෙදවිය යුතුය. මේ සඳහා වූ ගාස්තු ගෙවිය යුතුය. සත්‍ය ගවේෂී ගේ මිත්‍රයකු වන ආහාර ආකලන ආනයනය කරන ව්‍යාපාරිකයකු හලාල් සහතිකය ලත් සැපයුම් කර්මාන්තයට ලබා දුන් අවස්ථාවේදී හලාල් අධීක්ෂණ නිලධාරීන් එම සැපයුම් ඔවුන් පිළිගන්නා මැලේසියාවේ ආයතනය හරහා ලද සහතික නොවන නිසා පිළිගත නොහැකි යැයි කීහ. මෙමගින් පැහැදිලි වන්නේ තමා විසින් අනුමත කරන ව්‍යාපාරිකයන්ගෙන් පමණක් අමුද්‍රව්‍ය මිලදී ගත යුතු බවයි. මෙමඟින් අනිසි ලෙස ඔවුන්ගේ ඉස්ලාම් භක්තික වෙළඳ මාෆියාවක් ලංකාව තුල ක්‍රියාත්මක කරවීමයි. පසුව ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඔවුන්ගේ පටු පරමාර්ථ කෙටි කාලයකට නිහඬ කර ජමෛයිතුල් උලමා සංවිධානයෙන් වෙන්ව හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council) නම්වූ සංවිධානයක් බවට රූපාන්තරණය විය. එහෙත් එය ජමෛයිතුල් උලමා සංවිධානය විසින් හසුරවන සංවිධානයක් බව එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සංයුතිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. මවුලවි වරුන් කෙතරම් ජනතාව වෙත තම මතය කාවැද්දීම කෙරෙහි මුසා දෙසුවේද යත් එක් උගත් මහතෙක් පැවසූයේ, පානීය ජලය පිරිසිදු කිරීම සඳහා මිනිස් ඇටකටු ජල පෙරණ තුළදී භාවිතා වන බවයි. එය කෙතරම් අතාර්තික ද යත්, ජල පෙරණ වල අවශ්‍යතාවය සපුරා ගැනීමට මිනිසුන් මැරිය යුතුය. එසේත් නොමැති නම් වල දමන ලද මිනී ගොඩ දැමිය යුතුය. එවැනි විකාර මත විශ්වාස කරන තරම් ජනතාව මුළාවට පත් කොට ඇත. එහෙත් සමහර නිෂ්පාදන සඳහා සත්ත්ව මූලාශ්‍රවලින් ලබාගත් ද්‍රව්‍ය යොදා ගනු ලැබේ. එනම් ජෙලටින් සඳහා සත්ත්වමය මූලාශ්‍රයෙන් අමුද්‍රව්‍ය ලබා ගනී. එහෙත් ඇල්ගී වලින් ලබාගන්නා මොස් ජෙලි වෙළඳ පොලේ දක්නට ඇත. තම විශ්වාසයට අනුකූලව මොස් ජෙලි භාවිතා කිරීම වරදක් නැත. එහෙත් මේ මතය යොදාගනිමින් තමන්ගේ මතය දෙදරන ජන සමූහයකට බලෙන් කාවැද්දීම සදාචාරාත්මක නොවේ. මෙම ක්‍රියාවලිය නිසා නිෂ්පාදන වියදම ඉහල යාම සමස්ත පාරිභෝගිකයන් අසාධාරණ ලෙස දැරිය යුතුද?

    තම විශ්වාස වලට අදාල නොවන කරුණු මත පාරිභෝගිකයා අනවශ්‍ය ලෙස වෙනත් කණ්ඩායමක මතවාදයකට ලක්විය යුතුද ?දැනට ලෝකයේ ක්‍රිස්තියානි භක්තිකයින් බිලියන 2.3 ක්ද, ඉස්ලාම් භක්තිකයින් බිලියන 1.8 සිටිති . වර්ෂ 2060 දී දෙකොට්ඨාසයම බිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි උපකල්පනය කෙරේ (මූලාශ්‍රය: pewresearch.org/facttank). දැනට ලෝකයේ යුදෙව් ජාතිකයින් මිලියන 14.7 ක් සිටිති (මූලාශ්‍රය: jewishvirtuallibrary.org). මාංශමය ආහාර අනුභව කරන සික් ජාතිකයින් හට, වෙනත් ආගමික විශ්වාස මත ඝාතනය කරන සත්වයින්ගේ මස් ආහාරයට ගැනීම ඔවුන්ගේ විශ්වාසයට විරෝධී දෙයකි. සමහර හින්දූන් මස් මාංශ ආහාරයට නොගන්නා අය ය. සංස්කෘතීන්ගේ විවිධත්වය ජන සමාජයේ වර්ණවත් කරන අතර එය තවත් ජන සමාජයක ප්‍රාණ ඇපයක් නොවිය යුතුය. සියලුම ජන වර්ග වලට තමන්ගේ ආවේණික ලක්ෂණ සුරක්ෂිතව තබා ගැනීමට හැකියාව ලැබිය යුතුය.

    ඕස්ට්‍රේලියාවේ හලාල් සහතිකකරණයේ ඉතිහාසය සැලකූවිට වර්ෂ 1974දී මාංශමය ආහාර වලට සහතික කරන ලබාදී වර්ෂ 1993දී ආයතන එකොළහක් සහතිකකරණය වී ඇත. (මූලාශ්‍රය: exportconnect.com.au/brief-history-of-halal/).වර්ෂ 1997 දී ඕස්ට්‍රේලියාවේ හලාල් සහතිකකරණ සංවිධාන විසින් රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත වලටද හලාල් සහතිකකරණය යොමු කර ඇත.

    මුස්ලිම් ජනගහනය 87.2% ක් සිටින ඉන්දුනීසියාවේ හලාල් සහතිකකරණය කෙසේ සිදුවේදැයි සළකා බලමු. එහි හලාල් සහතිකකරණය සිදු කරන්නේ ඉන්දුනීසියාවේ උලමා කවුන්සිලය (MUI) විසිනි. ඔවුන් ආහාරමය නොවන නිෂ්පාදන සදහා ද හලාල් සහතිකය ලබා දී ඇත. ඉන්දුනීසියාවේ මුස්ලිම් පාරිභෝගිකයන්ගේ වර්ධනයක් පවතී. වෙළෙඳපොළ තරඟකාරිත්වය හේතුවෙන් කර්මාන්තකරුවන් තම නිෂ්පාදනය හලාල් සහතිකය ලත් බව වෙළඳ දැන්වීම් වල සඳහන් කරති. ද ජකර්තා පෝස්‍ට් හි සඳහන් පරිදි ෂාප් ඉලෙක්ට්‍රොනික් ආයතනය තම ශීතකරණයක් හලාල් සහතිකය ලත් පලමු ශීතකරණය ලෙස දැන්වීම් යොදනු ලැබිය. සමහර ඉන්දුනීසියානු පාරිභෝගිකයන් සඳහන් කරනු ලැබුයේ “ආහාරයක් ලෙස ජීර්ණය නොවෙන දෙයක් හලාල් වන්නේ කෙසේද?” යන්නයි.

    MUI විසින් හලාල් සහතිකකරණය ලබාදුන් Zoya නමැති හිජාබ් ඇඳුම් සන්නාමය වර්ෂ 2016 දී තමන් හලාල් අනුකූලතාව ඇති එකම හිජාබය බව දැන්වීම් පලකලේය. (මූලාශ්‍රය: thejakartapost.com/news/2018/05/27) එම දැන්වීම හේතුවෙන් අනෙක් හිජාබ නිෂ්පාදන හරාම් වන්නේද යන තර්කය මත අනෙක් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයට පත්වූහ. පසුව Zoya හි නිර්මාණ අධ්‍යක්ෂ වරයා මාධ්‍ය හමුවක් පවත්වා සමාව ඉල්ලා සිටියේය. MUI හි අධ්‍යක්ෂ වරයෙකු වන ලුක්මාන් හකීම් පවසන ආකාරයට ආහාරමය නොවන නිෂ්පාදන සඳහා හලාල් සහතිකකරණය පිලිබඳ ඉල්ලීම් රාශියක් යොමුවන බව පවසයි.ඉන්දුනීසියාවේ වර්ෂ 2012 දී හලාල් සලකුණ සඳහා 32,890 ක් අනුමත ව තිබූ අතර වර්ෂ 2017 දී 127,286 දක්වා සංඛ්‍යාව වර්ධනය වී ඇත. මෙය හුදු නිෂ්පාදනයෙහි ගුණාත්මකතාවය පිලිබඳ වටිනාකමක් සහිත වර්ධනයක් නොවන අතර ආගමික නායකයින් විසින් ආර්ථිකමය අරමුනින් ජනමනසට කාවද්දන ආගමික මතවාදයක් පමණක් බව සත්‍යගවේෂීගේ හැඟීමයි. එහි ආර්ථික ප්‍රතිලාභ ආගමික නායකයින්, මහාපරිමාණ ව්‍යාපාරිකයින් කුඩා පිරිසක් විසින් සමස්ත ජනසමාජයක් මුලාවට හෙළමින් අත්විඳින්නක් බව සත්‍යගවේෂී හොඳින් දන්නා කරුණකි.

    එඤ්ඤං
    මම සත්‍යගවේෂී

    ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

    0

    හොරොව්පොතානේ නිවසක වගා කටයුතු සදහා ජලය ලබාගැනීමට ඉදිකර තිබුණු ජල ටැංකියකට වැටීමෙන් දෙහැවරදි වියේ පසුවන දරුවෙක් මියගොස් ඇත.

    හොරොව්පොතාන ඉහළකුඹුගොල්ලෑවේ නිවසකදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (19) සවස් කාලයේදීය.

    මත්කුඩු කිලෝ 340ක් සමඟ ලාංකිකයන් 5ක් ඉන්දීය අත්අඩංගුවට

    0

    හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ඉන්දියාවේ කොචී හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සතුව තිබූ ‘දූ සෂිලා’ නම් බෝට්ටුවද එම නිලධාරීන් සන්තකයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

    මෙම මත්කුඩු තොග ඉන්දීය රුපියල් කෝටි 340ක පමණ මිලකින් යුක්ත වුවද ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මෙම මත්කුඩුවල මිල ඉන්දීය රුපියල් කෝටි 1750 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4462ක් පමණ) වන බවද එරට බලධාරීහු පවසති.

    එම මත්ද්‍රව්‍ය බහලූ පැකට්වල king 2021 නමැති මුද්‍රාව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මත්කුඩු පැකට්වල තිබූ King2021 මුද්‍රාව

    පාස්කු ප්‍රහාරය පිටුපස තිබූ අන්තර්ජාතික දේශපාලනයක් ගැනයි මා කීවේ – අගරදගුරු

    0

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තිබූ දේශපාලන බලවේගය යැයි තමා අදහස් කළේ ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග පිළිබඳ මිස මෙරට දේශපාලන බලවේගයක් පිළිබඳ නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද අවධාරණය කරයි.

    උන්වහන්සේ අප්‍රේල් 21 වන දින පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් මේ බව සඳහන් කළේය.

    එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උන්හන්සේ මෙලෙස පිලිතුරු දුන්හ.

    ප්‍රශ්නය – “ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශයක් කළා ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දරන පිරිසක් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කියලා ?”

    කාදිනල් හිමි – “දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි කිව්වේ. ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග ගැන කිව්වේ. මේ රටේ දේශපාලන පක්ෂ ගැන කිව්වේ නැහැ,”

    පෝට් සිටි නඩුව හෙටට කල්‍ යයි

    0

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (20) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    එම පෙත්සම් විභාගය අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

    පෙත්සම් විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥවරු විශාල පිරිසක් පෙනී සිටින හෙයින් සෑම නීතිඥවරයෙකුම සිය වාචික දේශන ඉදිරිපත් කිරීම විනාඩි 20ත් 30ත් අතර කාලයකට සීමා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

    දිල්හාරට වසර 8ක් ක්‍රිකට් තහනම්

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

    ඔහුට එරෙහි තහනම 2019 අප්‍රේල් 03 වනදා සිට බලපැවැත්වේ.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම තහනම පනවා තිබේ.

    ඒ අනුව එම කාලය තුළ ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කිසිදු දෙයක් හා සම්බන්ධ වීම තහනම් වේ.

    කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන මේ සතියේ තීන්දුවක්

    0
    covid vaccine

    අංජනා මල්ලවආරච්චි

    කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට එන්නත දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සතිය ඇතුලත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    කොවිෂීල්ඩ් එන්නත 925242 කට ලබාදී තිබෙන බවද ඒ මහතා කීය.

    කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වැනි දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ.

    අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමාවේ

    0

    මෙවර අගෝස්තුවේ ලබාදෙන දෙවැනි වාර පාසල් නිවාඩුව සතියකට සීමා වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කරයි.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ නිසි ලෙස පාසල් පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් අතපසු වූ විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගත් බව ඇමතිවරයා පවසයි.

    අපොස උසස් පෙළ විභාගය මෙවර ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් 30 වන දා දක්වා පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 03 වන ඉරිදා දින පැවැත්වෙන බවද ඇමතිවරයා සදහන් කළේය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්වෙන බවද ඔහු කීය.

    කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    පොහොට්ටුවේ ගැබිණි මන්ත්‍රීවරියට පහරදුන් එජාප මන්ත්‍රීවරියට ඇප

    0

    මහරගම නගර සභා පරීශ්‍රයේදී ඉකුත් 15 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නේ යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රවරියක අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මහරගම පොලීසිය ඇයව නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශාරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

    මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ ඉනෝකා මුණසිංහ (47) නම්වූ මන්ත්‍රීවරියයි. ඇය විසින් පහරදුන්නේ යැයි සදහන් වන්නේ රසිකා ගුණසිංහ (35) මන්ත්‍රීවරියටය. එම මන්ත්‍රීවරිය පස් මස් ගැබිණියක් බව මහරගම පොලීසිය සදහන් කරයි.

    අභාවප්‍රාප්තවූ මහරගම නගර සභාවේ උප නගරාධිපතිවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුවූ 15 වෙනිදා මෘත දේහය ගෞරවය සදහා නගර සභා පරීශ්‍රයට රැගෙන විත් තිබේ. එහිදී ඉහළ මහලේ සිට පහළ මහලට ගමන් කරමින් සිටියදී ඉනෝකා මුණසිංහ මන්ත්‍රීවරිය තමාව අතින් පහරදී තල්ලුකළ බව රසිකා ගුණසිංහ මන්ත්‍රීවරිය පොලීසියට පැමිණිලි කරමින් සදහන් කර ඇත.

    නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදුකළ සුසාන භුමියටද ගොස් ඇති මන්ත්‍රීවරිය රාාත්‍රී කාලයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව ඇත්තේ උදරයේ ඇතිවුණු රිදීමක් හේතුවෙනි. එහිදී ඇය නගර සභා පරීශ්‍රයේදී තරප්පුපෙලින් මන්ත්‍රීවරියක් තමාව තල්ලුකළ බව වෛද්‍යවරුන්ට පවසා ඇත. ඒ බව මහරගම පොලීසියටද ඇය විසින් පසුව පැමිණිල්ලක් කර තිබේ.

    පොහොට්ටුවේ ගැබිණි මන්ත්‍රීවරියට පහරදුන් බව කියන එජාප මන්ත්‍රීවරිය ඒ වන විට සිය පවුලේ සාමාජිකයන් සමග විනෝද චාරිකාවකයට ගොස් සිට ඇති බවත් ඇය අද ((19) දින පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය සදහන් කරයි.

    මෙම මන්ත්‍රීවරියන් දෙදෙනා අතර හටගෙන ඇති මෙම ගැටුමට මුල්වී ඇත්තේ මහරගම දූව වත්ත පාරේ කාණුවක් පිළිසකර කිරීමකි. එම කාණුව පිළිසකර කිරීමේදී මන්ත්‍රීවරියන් දෙදෙනා මත දෙකක සිට ඇති බවත් නගරාධිපතිවරයා රසිකා මන්ත්‍රීවරියගේ මතයට අනුව කාණුව පිළිසකර කරන ලෙස දැනුම් දී ඇති බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. රසිකා මන්ත්‍රීවරියව තරප්පුපෙලින් තල්ලු කර ඇත්තේද එම සිදුවීම මතක්කරමින් බව පොලීස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    රට පුරා කතෝලික පාසල්වලට අනිද්දා නිවාඩු

    0

    දිවයින පුරා පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 21 දින ප්‍රකාශයට පත් කර තිබේ.

    කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මේ බව කීහ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    2019 වසරේ අප්‍රේල් 21 වන දින කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ උදෑසන 8.45ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වු අතර, එය සිහිකිරීම වෙනුවෙන් එලෙස නිහඬතාවයක් පවත්වන බව කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.

    වරාය නගර කොමිෂන් පනතට විරෝධතාවක්

    0

    “ගෝලිය ප්‍රාග්ධනයට අධිරාජ්‍යවාධි බලපොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනත පරදවමු” පෙරටුගාමි සමාජවාදී පක්ෂය සංවිධානය කල විරෝධතාව අළුත්කඩේ අධිකරණය ඉදිරිපිට පැවති අයුරු

    මොහු දුටු තැන කියන්න – පොලීසිය

    0

    මත්තේගොඩ පොලිස්‌ වසමේ කිතුලහේන ප්‍රදේශයේ පිහිටි විභාරස්ථානයකට පෙරේදා (17)ඇතුළු වී මුදල්‌ හා දේපල සොරාගැනීමක්‌ සම්බන්ධව මත්තේගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම සැකකරු විහාරස්ථානයට ඇතුළු වී  සොරකම සිදු කල ආකාරය එම විහාරස්ථානයේ සවිකර  තිබූ සී.සී.ටී.වී කැමරාවල සටහන්‌ වී ඇත.

    ඒ අනුව එම වීඩියෝ දර්ශන සහ සැකකරුගේ ඡායාරූපයක්‌ පහත දක්වා ඇත.

    සම්බන්ධයෙන්‌ යම්‌ තොරතුරක්‌ වෙතොත්‌ පහත දුරකථන අංකය වෙත දැනුම්‌ දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

    ස්ථානාධිපති මත්තේගොඩ පොලිස්‌ ස්ථානය :- 071-8592207

    කැරොලයින් සහ චූලාට උසාවියෙන් ඇප

    0

    ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තෝරාගැනුණු පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා සුළු තුවාල කළේ යැයි කියන සිද්ධියට අදාළව පුෂ්පිකා මහත්මිය විසින් කළ පැමිණිල්ලකට අනුවයි.

    මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    මීට පෙර අත්අඩංගුවට ගැනුණු කැරලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබුණි.

    රුපියල ගණන් උස්සයි

    0

    ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙස වාර්තාවෙමින්

    දින හතරකට පෙර

    මෙරට ඉතිහාසයේ ඉහළම කඩා වැටීමකට ලක්වූ රුපියල අද (19) වන විට රුපියල් 191.97 ක් ලෙස ශක්තිමත් වී ඇත.

    ශ්‍රී ලංකා මහා බැංකුව සදහන් කරන්නේ පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

    ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (19) රුපියල් 191.97ක් ලෙසත් එහි ගැනුම් මිල රුපියල් 187.93 ක් ලෙසත් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඉකුත් 16 වෙනිදා ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 201.28ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 195.27ක් ලෙසත් දැක්විණි.

    මුරලි රෝහලෙන් යයි

    0

    හදිසි හෘදයාබාධයක්‌ හේතුවෙන්‌
    ඊයේ (18) චෙන්නායි හි රෝහලක දී සැත්කමකට භාජනය වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්‌ රෝහලෙන්‌ පිටව ගොස්‌ ඇත.

    ඔහු සන්රයිසස්‌ හයිද්‍රාබාද්‌ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග්‌ තරඟාවලියට එක්ව සිටියේය.


    මුරලි පසුගිය 17 වනදා සිය 49 වන උපන්දිනය ද සමරනු ලැබී ය.