තවත්

    නගරසභා සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක

    0

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිරකරමින් පොලීසියට එරෙහිව මේ වන විට උද්ඝෝණයක් ආරම්භකර තිබේ.

    නීතීඥවරයෙකුගේ පුතෙක් කසල රැස්කරන සේවකයෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් වූ පැමිණීල්ලක් පොලීසිය විසින් භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම මෙම උද්ඝෝෂණයට මුල්වී ඇතැයි නගර සභා සේවකයෙක් පැවසීය.

    නගර සභාවේ වාහන පවා මාර්ගයේ නතරකරමින් මෙම උද්ඝෝෂණය සේවකයින් නිරතව සිටී.

    වසංගතයේ පුරුදු අතාරින්න එපා.. වසන්තය අතළඟයි..

    0

    කොවිඩ් සම්බන්ධව ඉදිරියට ඇත්තේ සුභදායී කාලයක් බවත් මේ දක්වා පවත්වාගත් සෞඛ්‍ය පුරුදු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

    තත්ත්වය හොඳ අතට පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් ගොඩනැගී බව ද ඔහු ප්‍රකාශ කළේ, ඊයේ (04) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මාර්ගගත ක්‍රමයට පැවැත්වූ ජාලගත සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.

    දැනට පවතින සාක්ෂි අනූව තවත් ප්‍රභේද 2ක් පමණ රට තුළ ඉදිරියට මතුවිය හැකි වුවද රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් සිදුනොවනු ඇති බවටද, එනම් විශාල ව්‍යාප්තියකින් තොරව සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් මෙන් පවතිනු ඇතැයිද ඔහු කියා සිටියේය.

    සාර්ථක එන්නත්කරණය ඒ සඳහා පසුබිම නිර්මාණය කර ඇති බවද ඔහු කීය.

    අද වන විට 650,000ට ආසන්නව රටතුළ කොවිඩ් රෝගීන් වාර්තා වුණු බවද, 16,000ක් ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වුණු බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.

    අප අවට මේ වන විටද රෝගය බෝ කළ හැකි ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි යැයිද කියා සිටියේය.

    වසංගතය සමග ජීවත් වෙමින් රැකියා කටයුතු සිදුකරමින් රටේ ආර්ථික තත්ත්වය පවත්වාගෙන යා යුතු බවද පැවසුවේය.

    වසංගතය උග්‍රව පැවති කාලයේද මෙම වසංගතයට නොබියව මුහුණ දෙමින් පසුගිය වකවානුව පුරාම කොවිඩ් ව්‍යාප්තිය නවත්වාගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය උපරිමයෙන් කැපවෙමින් ක්‍රියා කළ ආකාරයද, සියලුම රාජ්‍ය සේවකයින් මෙන්ම අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක සේවා, තීනිය හි සාමය, ජලය, විදුලිය, ගෑස්, සන්නිවේදන ආදී මෙන්ම දෛනික කැලි කසල ඉවත් කරන පළාත් පාලන ආයතන වල සේවකයින් පවා එම කාල වකවානුවේදී දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කළේය.

    රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, වාණිජ ආයතන, බැංකු, කර්මාන්තශාලා මෙන්ම ආහාර නිපදවීමට නොබියව කෘෂිකාර්මික කටයුතු වල නියැලුණු ගොවි මහත්වරුන්ගේ සේවයද ඇගයීමට ද‍ මෙහිදී ඔහු කටයුතු කළේය.

    රාජගිරියේ වාහන තදබදයක්

    0

    කෝට්ටේ මහ නගර සභා සේවකයන් රාජගිරියේ පාලම යට බත්තරමුල්ල දෙසට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පවත්වයි.

    මේ හේතුවෙන් ඒ අවට අධික රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.

    චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාර යානයේ සුන්බුන් ගොඩගනී

    0

    දකුණු චීන මුහුදට කඩා වැටුණු ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලොව නවීනතම ප්‍රහාරක ගුවන් යානය ගොඩ ගැනීමට සමත්වූ බව ඇමරිකානු නාවික හමුදාව සඳහන් කරයි.

    පස්වන යුගයට අයත් එෆ් 35 සී ලයිට්නින් 2 නැමති මෙම ගුවන් යානය පසුගියදා දකුණු චීන මුහුදේදී ගුවන් යානා ප්‍රවාහක නෞකාවකට ගොඩබෑමට යාමේදී මුහුදට කඩා වැටිණි.

    එහිදී යානය පැදවූ නියමුවා ඉන් ආරක්ෂිත ඉවත්වීමට සමත්වූ අතර නෞකාවේ සිටි නාවිකයින් කිහිප දෙනෙකු තවාල ලැබීය. කෙසේ වෙතත් මෙම යානය මුහුදට කඩා වැටීමත් සමඟ එය චීනය අත්පත් කරගැනීමේ අවදානමක්ද මතුවිය.  

    ඒ අනුව ඇමරිකානු නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී සිය මුහුදුබත් වූ යානය සෙවීමේ මෙහෙයුම් දියත් කෙරිණි. මෙහිදී ඇමරිකා නාවික හමුදාවේ 7වැනි නාවික බලඇණිය විසින් රොබෝ සබ්මැරීනයක් මුහුදු පතුලට යැවීමට පියවරගෙන තිබිණි. එය මීටර් 3780ක ගැඹුරක් දක්වා ගමන් කර තිබේ.

    එහිදී අදාල සබ්මැරීනයට කඩා වැටුණු යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවූ අතර පසුව ඉතාම සුරක්ෂිතව එම සුන්බුන් මුහුදු පතුලෙන් ගොඩට ගැනීමට හැකිවී ඇත.

    මෙම ප්‍රහාරක යානය ලොව නවීනතම ප්‍රහාර ගුවන් යානා වර්ග වලින් එකක් වේ. මෙම වර්ගයේ ගුවන් යානා වලට රේඩාර් පද්ධති මඟ හරවා යෑමටද හැකියාව පවතී. එසේම මෙම යානය ගුවන් යානා ප්‍රවාහක නෞකා සහ සමාන්‍ය ගුවන් හමුදාන්ට ගැලෙපෙන ලෙස මාදිලි තුනකින් නිර්මාණය කරයි.

    එම යානය දැන ඇමරිකාව සහ ඔවුන්ගේ හිතවාදී රටවල් කිහිපයක් පමණක් භාවිතා කරන අතර පසුගිය කාලයේදී සෞදි අරාබියද මෙම ගුවන් යානා මිලදී ගැනීමට දැකි උනන්දුවක් දැක්වීය.

    අද(05) එන්නත් මධ්‍යස්ථාන 78ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 78කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    බෙලරූසයේ ලාංකික සිසුන්ට රජයෙන් දැනුම්දීමක්

    0

    බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගෙන් මෙරටට තාවකාලිකව පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    මීට අදාළව බෙලරුසයේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එවැනි සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇත.

    ඒ අනුව, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය කාරුණිකව උපදෙස් දෙයි.

    ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ උසස් අධ්‍යාපනය ලබන, බෙලරුසයේ පිහිටි සියලුම විශ්වවිද්‍යාල සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීප සබඳතා පවත්වයි.

    වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් දූරකතන අංකය හා විද්‍යුත් ලිපිනය (24×7) ඔස්සේ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    දූරකතන: +79801445726
    විද්‍යුත් ලිපිනය: [email protected]

    අදත් පැය 7කට වැඩි විදුලි කප්පාදුවක්

    0

    අද (05) දිනයේදීත් පැය 7කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවන බවට මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශශ සහ වේලාවන් පහත දැක්වේ.

    E-05-03-2022-Power-Interruption-Schedule-full

    Exempted-Feeders-from-Load-Shedding-R8_2022-1

    පාකිස්ථාන- ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟය අස්සේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

    0

    පාකිස්ථානයේ පේෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයත් සමඟ වසර 24කට පසුව එරට පැවැත්වෙන පාකිස්ථාන- ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලියේ ඉදිරිය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

    මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පල්ලියට පැමිණි පුද්ගලයින් 30 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති අතර තුවාල කරුවන්ගේ තත්ත්වයද බරපතල බවද පාකිස්ථාන ආරංචි මාර්ග පවසයි.

    අදාල ප්‍රහාරයත් සමඟ වසර 24කට පසුව පාකිස්ථානය සහ ඕස්ටේ්‍රලියාව අතර පාකිස්ථානයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඉදිරිය ගැනද දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන්  ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය දැඩි අවදානයෙන් පසුවන බවද සිඩ්නි මොර්නින් හැරල්ඩ් පුවත්පත වාර්තා කරයි.

    දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟා වලිනයට ආරක්ෂක නිලධාරීන් හාර දහසකට වඩා යොදා ඇති බවට වාර්තා වන අතරම තරඟාවලියේ ආරක්ෂාව සඳහා ස්නයිපර් වෙඩික්කරුවන්ද යොදා ගෙන ඇති බවටද වාර්තාවේ.
     
    2009 වර්ෂයේ පාකිස්ථානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ පාකිස්ථානයේ තුල ක්‍රිකට් තරඟ පැවැත්වීම නවතා දැමූ අතර පසුව 2019 වර්ෂයේදී  යලිත් ටෙස්ට තරඟයක් පාකිස්ථානයේදී පැවැත්විණි. 

    “විමල්ට උදයට කළදේ විදුරට දොලවත්තටත් කළ යුතුයි” – ඇමති දිලුම්

    0

    විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එය ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ තනි තීරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (4) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ හිටපු අමාත්‍යවරු ආමාත්‍ය ධූරවල කටයුතු කරමින් ජනාධිපතිවරා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියට පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

    වර්තමාන ආණ්ඩුව පිහිටුවීමේ අදාල හිටපු අමාත්‍යවරු දෙදෙනා කළ සේවයේ ගෞරවය එසේම පවතින අතරම ඔවුන් අමාත්‍ය ධූරවලින් ඉවත්කිරීම පිළිබඳව සතුටක් නොමැති බවත් ඔවුන් මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත්ව නොමැති බවත් අමාත්‍ය අමුණුගම මහතා ඔහු පැවසීය.

    විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් සම්බන්ධයෙන් ගත් තීරණය පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු සම්බන්ධයෙන් ද ගත යුතු බව ද අමුණුගම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    විමල්වයි උදයවයි අයින් කරලා රටේ ප්‍රශ්න විසඳන්න බෑ – සජබ

    0

    විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කර අමාත්‍ය මණ්ඩලය සංශෝධන කිරීමෙන් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදීමට නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.

    එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියාසිටියේ අමාත්‍ය ධුර වෙනස් කිරීමෙන් පවතින ගැටළු විසඳෙන්නේ නම් පළමුව කළ යුත්තේ සමස්ත ආණ්ඩුව ඉල්ලා අස්වීම බවයි.

    ඉන්ධන අර්බුදයත් සමඟ රට තුළ ඇතිවී තිබෙන අර්බුද විසඳීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුතු බව මන්ත්‍රීවරයා පවසයි.

    ඇමතිවරුත් ඉවත්කොට ඇමතිකූට්ටම ඇනීමෙන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසදෙන්නේ නැතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

    දඟ පන්දුවේ පෙරළිකරු ෂේන් වෝන් දිවි ගමන නිමාකරයි

    0

    ඕස්ට්‍රේලියානු පිළේ හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

    ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දකුණත් පා දඟ පන්දු යවන්නකු වූ ෂේන් වෝන් ලබගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

    වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසුවිය. තායිලන්තයේ කෝහ් සමුයි දි ඔහු මරණයට පත්ව ඇති බව ෂේන් වෝර්න්ගේ කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    බීමතින් රිය පදවා අනතුරක් කළ රංගන ශිල්පියාට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්

    0

    බීමතින් මෝටර් රථයක් පදවා රිය අනතුරක් කළ රංගන ශිල්පියෙක්ව කළුතර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (04) සවස අත්අඩංගුවට ගෙන ඇත.

    ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සිය පියා සමඟ ගමන් කරමින් සිටි යතුරු පැදියක මෝටර් රථය ගැටී ඇති අතර ගුරුවරිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි. ඇය උතුරු කළුතර දෙදියවල පදිංචිකාරියකි. ගුරුවරියගේ පියා යතුරු පැදිය පදවා ඇති අතර ඇයට මෙම අනතුරින් කිසිදු හානියක් සිදුව නැත.

    සාදයකට සහභාගිවී රංගන ශිල්පියා ඇතුළු සිව් දෙනෙක් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. රංගන ශිල්පියා පැදවූ මෝටර් රථය කළුතර සිට වාද්දූව දෙසට ධාවනය වෙමින් තිබි ඇත. යතුරු පැදිය දකුණට හැරවීමට සංඥා දල්වා තිබියදී මෝටර් රථය පාලනයෙන තොරව ඉදිරියට ඇදී යතුරු පැදියේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී , මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගත් ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවී ඇතැයි පැවසෙයි.

    මෝටර් රථයේ ගැටුණු යතුරු පැදිය මීටර් 10 ක් පමණ ඇදී ගොස් ඇති අතර මාර්ගයේ වැටුණු ගුරුවරියව ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගතකර තිබේ. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සමඟ රංගන ශිල්පියා බහින්බස් වී ඇත. එහිදී ඔහුට ගම්වාසීන් විසින් පහරදීමක් සිදුකර ඇති බවද පොලීසිය කියයි.

    මාතර පරෙවි දූපතේ වැල් පාලම 60 ක් එක්ක මුහුදට කඩා වැටේ

    0

    මාතර පරෙවිදූපතට පිවිසෙන වැල් පාලම අද (04) සවස හදීසියේ කඩා වැටී තිබේ.

    එම අවස්ථාවේදී පාලම මත 60 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඒ අය පාලමත් සමඟ මුහුදට වැටී ඇත.

    මාතර පොලීසිය සඳහන් කරනු ලැබුවේ අනතුරට ලක්වූ සියළු දෙනා බේරාගත් බවය.

    ඒ අතර සිටින වැඩි දෙනෙක් මහියංගනයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසකි. ඔවුන් පාලම මත රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී පාලම කඩා වැටී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    ඒ අය අතර කුඩා දරුවන්ද සිට ඇති අතර වහාම අවට සිටි පිරිස් ඒ අයව නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

    රෝගීන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න සැරසේ

    0

    රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ප්‍රඥප්තියක් සකස්  කරන ලෙස රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

    එහි සභාපති ධම්මික එදිරිසිංහ මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් රෝගීන්ගේ අයිතිවාසිකම් විනාශ කරමින් සිටින බවයි.

    මේ හේතුවෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමේ අයිතියක් නොමැති වීමෙන් රෝගීන් බරපතල අසාධාරණයක් ඔවුන්ට සිදුවන බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    පාන් හැදිල්ල බාගෙට අඩුවෙලා

    0

    මේවනවිට තිරිඟු පිටි සහ මාගරින් මිල යළි ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි බෙදාහරින ප්‍රධාන පෙලේ සමාගමක් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති බවයි.

    රුපියල් 127 කට පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑමය මෙලෙස ඉහළ යාම හේතුවෙන් පාන් නිෂ්පාදනය කිරීමේදී ලක්ෂ 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් දක්වා අඩකින් අඩු වී තිබෙන බව බේකරි හිමියන් ප්‍රකාශ කරති.

    එමෙන්ම මාගරින් කිලෝග්‍රෑමයක මිලද රුපියල් 50 කින් පමණ වැඩි වී ඇති අතර එහි කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 700 ද ඉක්මවා ගොස් ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

    ඇමතිකම නැතිවුණේ කාගේ කීමටදැයි විමල් හෙළිකරයි

    0

    තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවූ කරුණු පිළිබඳ හිටපු කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ප්‍රකාශයක් කර තිබේ.

    ‘මුළු රටම හරි මඟට’ ප්‍රකාශනය එළිදැක්වීමේදී කළ කතාව හේතුවෙන් සිය අමාත්‍ය ධුරය අහිමි වූ ආකාරය පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ අද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සමඟ මාධ්‍ය හමුවක් අමතමිනි. එම පක්ෂ එක්ව පසුව සාකච්ඡාවක් ද පවත්වා ඇත.

    “දැනට අපිට ලැබිල තියෙන තොරතුරුවල හැටියට ඒ ප්‍රකාශවලින් පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කියලා තියෙනවා මමයි උදය ගම්මන්පිල ඇමති තනතුරුවල ඉන්නවා නම් ඇමති මණ්ඩලේට එයා එන්නේ නෑ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම, පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට නොඑන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනා අමාත්‍ය තනතුරුවලින් ඉවත් කරන්න. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නෑ.

    අපි ඒ ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ කරුණු පිළිබඳ. ඉතින් එය ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන ඇමැතිවරයා හරි කවුරුහරි හිතනවනම් අපි දෙන්නා ඉවත් කළාම ආර්ථික අර්බුදය හරියයි, ඩොලර් උනනවා, විදුලි කප්පාදුව නතරවෙනවා, පුදුම ආශ්චර්යයක් වෙන්න තියෙනවා කියලා මං හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්නා කියලා හිතන්න ඇති. ආර්ථික අර්බුදයට ගත යුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව ඒ අමාත්‍ය තනතුරෙන් ඉවත් කරන්න ඇත්තේ. එහෙම හරි කමක් නෑ රටට ගොඩ එන්න පුළුවන් නම්.

    ආයෙ නම් මේ ජනාධිපතිවරයාගේ ඇමති මණ්ඩලයට ඇමති ධුරයක් දරන්නේ අපේ සූදානමක් නෑ. අපි දන්නා විදියට මේ කටයුතුවලට අගමැතිතුමාගේ කැමැත්තක් නෑ. එතුමා දන්නවා දේශපාලන කරන විදිය. මේ ආණ්ඩුව පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ තමයි. උදය ගම්මන්පිල මහතාගේ වචනයෙන් කිව්වොත් අවලස්සන ඇමරිකානුවා.

    ඒ විදිහේ අභ්‍යන්තර පාලනයක් ඔහු සතුව තිබෙනවා. ඒ පක්ෂයේ ඉන්න අසරණ මන්ත්‍රීවරුන් වත් ඔහු පාවිච්චි කරනවා. අගමැතිතුමා නං මටත් උදය ගම්මන්පිලටත් අද කතා කළා. මේ ගැන එතුමා යම් වේදනාවක ඉන්නේ. නමුත් ඔහුගේ ස්ථාවරය නෙවෙයි අවසානයේ තීන්දු වෙලා තියෙන්නේ.”

    ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින්නේ ‘අවලස්සන අමෙරිකානුවෙක්’ – ගම්මන්පිළ

    0

    රට අර්බුදයෙන් ගොඩඒමට විසඳුම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ තමා සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවත් කිරීම හරියට හඳේ ආවාට පෙන්නූ විට ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක් බවත් දැන් ආණ්ඩුව සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.

    ඇමති ධුරවලින් ඊ‍යේ ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිළ මහතා ඒ පිළිබද අදහස් දැක්වීම වෙනුවෙන් අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.

    ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් සමගින් ඔවුන් දෙදෙනා සහභාගි විය.

    එහිදී තම අමාත්‍ය ධුරය ඉවත් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිළ මහතා මෙම අදහස් පළකළේය.

    “ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයෙකු විසින් රටේ ආර්ථිකය මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දිනම අගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම ඇමති මණ්ඩලය තුළ කතා කළා. ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැති උනාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදන්න කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුණු නිසා අපි ‘ මුළු රටම හරි මඟට’ යනුවෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විස දුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කරාම හඳේ ආවට දෙස බලනවා වෙනුවට, දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා.

    පහුගිය වසර එකහමාරක් තුළ අපි විවේචන ඉදිරිපත් කළත් ඇමතිවරු විදියට විවේචන කරන්න අපිට යම් බාධාවන් බැඳීම් තිබුණා. අපි කතා කළේ හරියට දිව ගැටගහලා ගොත ගසනවා වගේ. දැන් අපිට මේ රට මේ අගාධයට ගෙන ගියේ කවුද කියලා අපට නිදහසේ කියන්න පුළුවන් වගේම, නුදුරු දිනයකදී අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආන්ඩුවේ කවුරුන්ද කියන එක පිළිබඳ අපි ඉදිරියේ දී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්.

    එහෙම ඒ වගේම අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් පත්වුණා The Ugly American කියලා. ඒක අවලස්සන ඇමරිකානුවා කියලා මං හිතන්නේ සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතිං මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලය ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ රටට මෙහෙම කරන්නේ 1997දී ඉන්දුනීසියාව තිබුණු තැනට මේ රට අරන් යන්න කියලා අපට සැකයක් තියෙනවා.” යැයි ද උදය ගම්මන්පිළ මහතා කීය.

    බැංකු පොලී අනුපාත ඉහළට

    0

    බැංකු පොලී අනුපාත ඉහළ නංවන්නැයි වාණිජ බැංකුවලට සහ මූල්‍ය ආයතන ආයතනවලට උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.

    බැංකු හා මූල්‍ය ආයතනවලට වැඩි වැඩියෙන් මුදල් තැන්පතු ලබා ගැනීම සදහා බැංකු පොලී අනුපාත ඉහළ නැංවීම අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා කීය.

    ඊට අමතරව ණය කාඩ්පත් වලට 20%ක් ද තාවකාලික බැංකු අයිරා වලට 18%ක් ද උකස් පොලියට 12%ක දක්වා ඉහළ නංවන ලෙස බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.

    මිල – බදු වැඩිකිරීම් වහාම ඕනෑ – මහබැංකුව රජයට බලකරයි

    0

    ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීම සඳහා වන යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලබා දී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය රැස්වී කරුණු 8කින් යුත් එම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති අතර කඩිනමින් සලකා බලන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.

    ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ නැංවීම, බදු වැඩි කර රජයේ ආදායම ඉහළ නංවා ගැනීම, අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම, හදිසි නොවන ආනයන අධෛර්යමත් කිරීම විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම පුනර්ජනනීය බලශක්තියට කඩිනමින් යොමු වීම කඩිනමින් ණය නොවන විදේශ විනිමය ලබා ගැනීම, ඌන උපයෝගී වත්කම් කඩිනමින් අලෙවි කිරීම එම යෝජනාවලියට ඇතුළත් ය.

    ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහායවීමට රජය ඉහත යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

    තවත් ඇමති පුටු කිහිපයක් වෙනස් වෙයි – අරුන්දික ආයෙත් ඇවිත්

    0

    තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    රාගම වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටුමට අදාළ සිද්ධියේ විමර්ශන හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

    සී.බී. රත්නායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

    දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන අමාත්‍ය

    විමලවීර දිසානායක මහතා – ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

    අරුන්දික ප්‍රනාන්දු මහතා – පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

    “ඇමති ධුරයේ ඉන්නවා.. ඇමති ධුරයේ කටයුතුවලින් ඉවත් වෙනවා” – ජල සම්පාදන ඇමති

    0

    තමන් අද දිනයේ සිට අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත්ව සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

    “එනම් ඉදිරි වසර 3දීම ඇමති මණ්ඩලේට යන්නේ නෑ.. ඇමති ධුරයේ කිසිදු වගකීමක් ඉටු කරන්නේ නෑ” යැයි ද හෙතෙම කීය.

    මෙය ඇමති ධුරයෙන් ඉවත්වීමක් නොවන බව ද හෙතෙම කීය. “ඕනේ නම් ඇමති වැටුපත් ගන්නේ නැතිව ඉන්න පුළුවන්. මන්ත්‍රී වැටුප ඇති මට යැපෙන්න.” යැයි ද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කීය.

    ඇමතිකම්වලින් ඉවත් කළ උදය ගම්මන්පිළ, විමල් වීරවංශ ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක පක්ෂ නායකයින් එක්ව අද පැවැති මාධ්‍ය හමූවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

    ගොඩ බෑ නැවේ තෙල් බෙදීම ඇරඹේ

    0

    මේ වන විට මෙරටට පැමිණ ඇති මෙට්‍රික් ටොන් 37,300 රැගත් නෞකාවේ ඩීසල් වෙළෙඳපොළට බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම්, චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ අනුව දැනට පිරවුම්හල්වල පවතින ඩීසල් හිඟය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.

    කෙසේ වෙතත් ඩීසල් ලබා ගැනීම සඳහා ඊයේ (03) මැදයම් රැය වන තුරුත් බොහෝ නගරවල ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව පෝලිම්වල රැදී සිටියහ.

    ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ11 ක් සමඟ විමල් – උදය අද මාධ්‍ය හමුවට

    0

    කැබිනට් අමාත්‍ය ධුර අහිමි වූ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක් අද විශේෂ සාකච්ඡාවක් පවත්වයි.

    ඉන් අනතුරුව සිය ස්ථාවරයන් පැහැදිලි කිරීම උදෙසා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතය.

    ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 ක පක්ෂ නායකයින් සහභාගි වේ.

    එම මාධ්‍ය හමුද අද(04) පෙරවරුවේ කොළඹ 03 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඉහත පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    අද (04) එන්නත් මධ්‍යස්ථාන 77ක් රට පුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    අදත් පැය 7 1/2ක් විදුලිය නෑ

    0

    අදත් (4) පැය 7 1/2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    අද විදුලිය විසන්ධිකිරීමේ කාලසටහන පහත දැක්වේ.

    S-04-03-2022-Power-Interruption-Schedule

    යුක්‍රේනය සටන් විරාමයක් ඉල්ලයි

    0

    රුසියාව සමග සාකච්ඡා පවත්වන  යුක්‍රේනය නියෝජිතයන් විසින් සටන් විරාමයක් අවශ්‍ය බවට ඉල්ලා තිබේ.

    අද දින රුසියාව සහ යුක්‍රේනය සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙම ඉල්ලීම කර තිබේ.

    ඒ අනුව යුක්‍රේනය විසින් ගැටුම්වලට මැදි වූ සිවිල් වැසියන් හට ආරක්ෂිතව ඉවත් වීමට මාවතක් සකස් කර දෙන ලෙසද ඉල්ලා තිබේ.

    දෙරට අතර පැවති දෙවන සාකච්ඡාව මෙය වන අතර පළමු සාකච්ඡාව විශාල ප්‍රගතියක් අත්පත් කර නොගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    “මම ගියේ හිතට එකඟවයි” – රාජ්‍ය අමාත්‍ය විදුර

    0

    ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් සංවිධානය කළ ‘මුළු රටම හරිමඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට තමන් සහභාගිවූයේ තම හෘද සාක්ෂියට එකඟව බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    එබැවින් තමන් කිසිමවිටෙක විනය පරීක්ෂණවලට බිය නොවන බව ඔහු සදහන් කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ හෘද සාක්ෂියට එකඟව තමන් වරදක්කර නොමැති බවයි.

    එබැවින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂයේ ඉහළ නායකයන්ට අවශ්‍යනම් තමාගෙන් එයට බාධාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.

    කෙසේවෙතත් තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වෙන බවක් තවමත් දැනුම් දී නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    විමල්ට – උදයට කළ දේ.. හවුල්කාර පක්ෂවල ස්ථාවරය අද

    0

    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමත් සමඟ ඇතිව තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් අද (4) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    එහිදී හවුල්කාර පක්ෂවල ස්ථාවරය ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

    මෙම මාධ්‍ය හමුව සඳහා රටම හරිමඟට ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයන් සහභාගී වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

    තම කණ්ඩායමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එහිදී ප්‍රකාශයට පත්කරන බවද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

    ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලින් මන්ත්‍රී දොලවත්ත විසිවෙයි

    0

    ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂ 11 ක් ඊයේ (2) පැවැත්වූ මුළු රටම හරිමඟට ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

    පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව ඔහු මෙවැනි රැස්වීමට සහභාගීවීම හේතුවෙන් ඔහු මින් ඉදිරියට ,කණ්ඩායමේ රැස්වීම්වලට නොකැඳවීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.