fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ඉඳන් පළාත් අතර බස් කීපයක් යෙදවීමත් වෙන්නෙ නෑ

    හෙට ඉඳන් පළාත් අතර බස් කීපයක් යෙදවීමත් වෙන්නෙ නෑ

    අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (28) දිනයේ සිට පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම ද කල්දමා තිබේ.

    පළාත් බස් රථ කිහිපයක් සඳහා හෝ ගමන්වාර කිහිපයක් ලබාදීමට තවමත් හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (28) දිනයේ සිට පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය තවදුරටත් කල් දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.