දෙදහස් විසි පහ වසරේ පළමු මාස 2ක තුළ සංචාරකයින් ලක්ෂ 5 ඉක්මවා මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
2024 වසරේදී විදෙස් සංචාරකයින් මිලියන දෙකක් මෙරටට පැමිණ තිබූ අතර එම අධිකාරියේ අපේක්ෂාව වී ඇත්තේ 2025 වසර තුළ මෙරටට විදෙස් සංචාරකයින් මිලියන 3ක් ගෙන්වා ගැනීමයි.
ඒ අනුව 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඉන් 84,476දෙනෙකු ඉන්දියානු ජාතිකයන්ය.
70,000කට වැඩි සංචාරකයින් පිරිසක් රුසියාවෙන්ද ,50,000ක් ඉක්මවූ සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන්ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මීට අමතරව ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර මාර්තු පළමු දින 5 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 37,768කි.