මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩයන් 10ක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව රටකජු, දුඹුරු සීනි, අර්තාපල්(ආනයනික), රතු කව්පි, හාල් මැස්සෝ, වියල් මිරිස්, බාස්මතී සහල්(ප්‍රිමියර්), ලොකු ලූණු(ආනයනික), පරිප්පු, සුදු සීනි වල මිල ගණන් අඩුකර තිබේ.
ඒ පිළිවෙලින් රුපියල් 100, 40,30, 30,20, 15, 10, 10, 2, 2 ලෙස කිලෝ එකක මිල ගණන් අඩුකර තිබේ. මෙම භාණ්ඩ ඊයේ(22) දින සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට මිලදී ගත හැක. වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදී මෙම භාණ්ඩවල මිල පහළ දැමීමේ තීරණය ගෙන තිබේ.